Sunday, March 29, 2015

Lesson 12



අද මම ඔයාලට කියල දෙන්නේ Increment/ Decrement Operators, Logical Operators, String Operators, Array Operators මෙතනින් අපේ කලින් පාඩම් 2 ක ඉදන් ම කියල දීපු operators පාඩම ඉවර වෙනවා.එක නිසා මේ පාඩම ටිකක් දිග එකක් වෙයි හික් හික් ;)

ඉස්සරහට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියනව තව හික් හික්....
කලින් පාඩම් බලන්න බැරි උන අය ඉන්නවනම් පහල ලින්කුව තියනව මෙතනින් ගිහින් බලන්න 






එහෙනම් ඉතින් මේ ඇදබාපු හරිය  මදැයි අද පාඩමට බහිමු එහෙනම් අපි දැන්,
මුලින් ම බලමු එහෙනම් අපි Increment/ Decrement Operators ගැන,

Increment Operator එක ගත්තහම එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි,


  • Pre-Increment  
  • Post-Increment

මුලින් ම බලමු අපි Pre-Increment Operator එක ගැන,

අපි Increment operator එක සංකේතවත් කරන්නේ  " ++ " ලකුණෙන් 
ඒ කියන්නේ හිතන්න $x කියල අපි variable එකක් define කරලා තියනව කියල අපිට එක Increment කරගන්න ඕනේ කියල ඇත්තටම incremet කරනවා කියල කියන්නේ එකකින් වැඩි කරනවා කියන එකයි.
එතකොට අපිට කරන්න තියෙන්නේ Pre Increment එකේ දී " ++$x "
විදියට දන්න මේකේ තේරුම තමයි " එකකින් incremet වෙලා $x ව return කරනවා කියන එක " ඉතාමත් සරල දෙයක් මෙතන වෙන්නේ ඔයාලට මේ උදාහරණය කරලා බැලුවම හොදටම තේරෙයි.

මේ code එක එහෙනම් කස්ටියත් එක්කම කරලා බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

echo ++$x;

?>   

</body>

</html>




ඔයාලට display වෙන්න ඕනේ Result එක විදියට 21 අපි බලමු මේක එන්නේ කොහොමද කියල 
$x කියන variable එකට 20 කියන value එක assign වෙනවා අපි එක pre increment කරන කොට වෙන්නේ increment වෙලා එහෙමත් නැත්තම් එකක් එකතුවෙලා $x කියන variable value එක return කරනවා එක නිසා තමයි අපිට 21 කියන answer එක ලැබෙන්නේ
පලවෙනියෙන් මේක කරන කෙනෙක් ඉන්නවනම් නිකම් පැටලෙනවා වගේ ඇති එක නිසා ඔයාල තව තව examples හදාගෙන කරලම බලන්න එතකොට හොදටම තේරෙයි ඔයාලට :)

අම්මෝ pre increment operator එක ගැන ගොඩක් විස්තර ඇතුව මම ඔයාලට කියල දුන්නනේ දැන් ඉතින් බය වෙන්නේ දෙයක් නෑ අනිත් සේරම මේ වගේම තමයි පොඩ්ඩක් විතර වෙනස් එක නිසා අල්ලගන්න ගොඩක් අමාරු වෙන්නේ නෑ ඔයාලට හික් හික් :D 





එහෙනම් ඉතින් දැන් බලමු Post Increment Operator එක මේකත් කලින් කරපු එක වගේම තමයි පොඩි වෙනසයි තියෙන්නේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියල.

මේකෙදි වෙන්නේ හිතන්න $y කියල variable එකක් තියනව කියල එක post increment කරහම වෙන්නේ $y ගෙ value එක return කරලා ඊට පස්සේ increment එක එහෙමත් නැත්තම් එකක් එකතු කරන එක කරන එකයි. අපි බලමු කොහොමද එක වෙන්නේ කියල,

එහෙනම් කස්ටිය ඔක්කොම එක්ක මේ code කැල්ල ගහලම try එකක් දීල බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

echo $x++;

echo "<br>";//optional code

echo $x;//optional code

?>   

</body>

</html>




Result එක විදියට 20 අපි බලමු මේක එන්නේ කොහොමද කියල  
$x කියන variable එකට 20 කියන value එක assign වෙනවා අපි එක post increment කරන කොට වෙන්නේ $x කියන variable value එක return කරලා ඊට පස්සේ increment එක එහෙම නැත්තම් එකක් එකතු කරනවා අපිට මෙතන answer එක විදියට 21 ලැබෙන්නේ නැත්තේ post increment එකේ increment එක වෙන්නේ පස්සේ නිසයි. ඔයාලට එක හොදටම පැහැදිලි වෙන්න මම ඔය code එකට තව කැල්ලක් add කරලා තියනවා එක තමයි ඔය optional code කියල මම දාලා තියෙන්නේ බලන්න ඒ code එක දාලා run කරලා ඔයාට තව answer එකක් එයි 21 කියල එක එන්නේ අපි post increment එකට පස්සේ $x කියන එක echo කරලා බලල තියන නිසයි code එකේ ඊලග line එකට යනකොට increment එක වෙච්ච variable value එක තමයි යන්නේ එක නිසා තමයි අපිට 21 කියන answer එක ලැබෙන්නේ.

දැන් නම් කස්ටියට හොදටම තේරුණා... එහෙම නේද?

දැන් ඉතින් decrement operator එක ඔයාලට nothing. හික් හික්.....

එහෙමනම් ඉතින් අපි බලමු කොහොමද Decrement Operator එක use කරන්නේ කියල මේකත් කොටස් දෙකක් තියනවා කලින් වගේම තමයි.


  • Pre Decrement
  • Post Decrement



මුලින් ම බලමු Pre Decrement Operator එක ගැන,

අපි Increment operator එක සංකේතවත් කරන්නේ  " -- " ලකුණෙන්,
හිතන්න $x කියල අපි variable එකක් define කරලා තියනව කියල අපිට එක Decrement කරගන්න ඕනේ කියල ඇත්තටම Decrement කරනවා කියල කියන්නේ එකකින් අඩු කරනවා කියන එකයි.
එතකොට අපිට කරන්න තියෙන්නේ Pre Decrement  එකේ දී " --$x "
විදියට දන්න මේකේ තේරුම තමයි " එකකින් Decrement වෙලා $x ව return කරනවා කියන එක ".

ඔයාලට මේ උදාහරණය කරාම හොදටම තේරෙයි,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 50; 

echo --$x;

?>   

</body>

</html>





Result එක විදියට එන්නේ 49 අපි බලමු මේක එන්නේ කොහොමද කියල, $x කියන variable එකට 50 කියන value එක assign වෙනවා අපි එක pre decrement කරන කොට වෙන්නේ decrement වෙලා එහෙමත් නැත්තම් එකක් අඩුවෙලා $x කියන variable value එක return කරනවා එක නිසා තමයි අපිට 49 කියන answer එක ලැබෙන්නේ.




එහෙනම් ඉතින් දැන් බලමු Post Decrement Operator එක මේකත් කලින් කරපු එක වගේම තමයි පොඩි වෙනසයි තියෙන්නේ අපි බලමු කොහොමද මේක කරන්නේ කියල.

මේකෙදි වෙන්නේ හිතන්න $z කියල variable එකක් තියනව කියල එක post decrement කරහම වෙන්නේ $z ගෙ value එක return කරලා ඊට පස්සේ decrement  එක එහෙමත් නැත්තම් එකක් අඩු කරන එක කරන එකයි. අපි බලමු කොහොමද එක වෙන්නේ කියල,

එහෙනම් කස්ටිය ඔක්කොම එක්ක මේ code කැල්ල ගහලම try එකක් දීල බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 50; 

echo $x--;

echo "<br>";//Optional Code

echo $x;//Optional Code

?>   

</body>

</html>



Result එක විදියට 50 අපි බලමු මේක එන්නේ කොහොමද කියල 
 
$x කියන variable එකට 50  කියන value එක assign වෙනවා අපි එක post decrement කරන කොට වෙන්නේ $x කියන variable value එක return කරලා ඊට පස්සේ decrement එක එහෙම නැත්තම් එකක් අඩු කරනවා අපිට මෙතන answer එක විදියට 49 ලැබෙන්නේ නැත්තේ post decrement එකේ decrement එක වෙන්නේ පස්සේ නිසයි. ඔයාලට එක හොදටම පැහැදිලි වෙන්න මම ඔය code එකට තව කැල්ලක් add කරලා තියනවා එක තමයි ඔය optional code කියල මම දාලා තියෙන්නේ බලන්න ඒ code එක දාලා run කරලා ඔයාට තව answer එකක් එයි 49 කියල එක එන්නේ අපි post decrement එකට පස්සේ $x කියන එක echo කරලා බලල තියන නිසයි code එකේ ඊලග line එකට යනකොට decrement එක වෙච්ච variable value එක තමයි යන්නේ එක නිසා තමයි අපිට 49 කියන answer එක ලැබෙන්නේ.









හික් හික් දැන් නිකම් මේ වගේද :D


අධෛර්යමත් වෙන්නෙපා කස්ටිය ඉතා සරල කොටසක් තමයි මේ කරන්නේ මම හික් හික් පුළුවන් තරම් මේ කරන ඒවා ආයිත් ආයිත් කරලා හොදට practice කරන්න එතකොට මේවා nothing.

දැන් අපි යන්න හදන්නේ අලුත් කොටසකට ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ Logical operators අපිට මේ යටතේ operators 6ක් එනවා මම ඒ ටික ඉතාමත් සරල විදියට ඔයාලට කියල දෙන්නම්. මුලින්ම බලමු මොනවද අපිට කරන්න තියන operators 6 කියල,




Operator
Name
Result
 And
 AND
 True if both variables are true
 &&
 AND
 True if both variables are true
 Or
 OR
 True if either one variable is true
 ||
 OR
 True if either one variable is true
  !
 NOT
 True if variable is not true
 xor
 XOR
 True if either one variable is true,  but not both











ඉතා සරල operator ටිකක් තමයි තියෙන්නේ අපි දැන් බලමු එහෙනම් එකින් එක,

මුලින් ම තියෙන්නේ AND Operator එක, 
මේකේ වෙන්නේ variables දෙකේම values true නම් True output කරන එක අපි බලමු කොහොමද එක වෙන්නේ කියල.

මේ code එක try කරලා බලන්නකෝ කස්ටියම එහෙනම්,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 10;

$y = 20;

if ($x == 10 and $y == 20) {

echo "Variables are Matching!";

}

?>

</body>

</html>




Result එක එන්නේ Variables are Matching! කියල එක එන්නේ variable දෙකම සමාන වෙන නිසයි.

අපිට මේ AND එක තව විදියකට පෙන්නන්න පුළුවන් එකම දේ operator එක වෙනස් එච්චරයි එහෙනම් මේකත් කරලම බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 50; 

$y = 60;

if ($x == 50 && $y == 60) {
    
echo "Variables are Matching!";

}

?>   

</body>

</html>




Result එක එන්නේ Variables are Matching! කියල එක එන්නේ variable දෙකම සමාන වෙන නිසයි. කලින් එකේ උන දේ ම තමයි වෙන්නේ.


ඊලගට අපිට කරන්න තියෙන්නේ OR Operator එක ගැන,
මේකෙදි කරන්නේ variables දෙකෙන් එකක් හරි true වෙනවද කියල බලන එක එකක් හරි true නම් අපිට result එක විදියට true return කරනවා. 
මේ උදාහරණය කරලා බලන්නකෝ එහෙනම් කස්ටියම එක්ක,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100; 

$y = 50;

if ($x == 100 or $y == 80) {
    
echo "Either One Variable is true!";

}

?>   

</body>

</html>




Result එක එන්නේ Either One Variable is true! කියල එක එන්නේ variable දෙකන් එකක් true වෙන නිසයි. 


මේකම අපිට තවත් විදියකට පෙන්නන්න පුළුවන් e විදියටත් try කරලා බලන්නකෝ එහෙනම් ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100; 

$y = 200;

if ($x == 100 || $y == 150) {
    
echo "Either One variable is True!";
     
}

?>   

</body>

</html>




Result එක එන්නේ Either One Variable is True! කියල එක එන්නේ variable දෙකන් එකක් true වෙන නිසයි. කලින් එකේ උන දේ ම තමයි වෙන්නේ.


ඊටපස්සේ අපිට කරන්න තියෙන්නේ NOT Operator එක ගැන, 
මේකෙදි වෙන්නේ අපි define කරන variable එක සමාන නැති උනොත් අපිට true කියල return කරනවා කියන එක මේක හොදටම තේරෙනවා මේ උදාහරණය බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 10; 

if ($x !== 9) {
    
echo "Variable is Not Equal!";

}

?>   

</body>

</html>




Result විදියට අපිට එන්නේ Variable is Not Equal! කියල එක එන්නේ අපි define කරපු variable එකේ value එක අසමාන වෙන නිසයි. 



Logical operators වල අවසාන operator එක විදියට අපිට තියෙන්නේ XOR operator එක,
මේ operator එකෙන් කරන්නේ " variables දෙකෙන් එකක් හරි true වෙන්න ඕනේ හැබැයි දෙකම true වෙන්න බෑ " එහෙමනම් මෙයා true කියන එක return කරනවා.
අපි මේක කරලම බලමුකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100; 

$y = 150;

if ($x == 100 xor $y == 120) {
    
echo "One Variable is True, But Not Both.";
     
}

?>   

</body>

</html>




Result විදියට අපිට එන්නේ One Variable is True, But Not Both. කියල එක එන්නේ අපි define කරපු variable දෙකෙන් $x කියන එක true වෙනවා $y කියන එක false වෙනවා කියන එකයි.


ඒ part එක ඉවරයි දැන් තියෙන්නේ අපිට String Operators ගැන කරන්න හික් හික් මේක නම් මම කලිනුත් කියල දුන්න මන් හිතන්නේ 


මේක ඉතාම සරලයි මේකේ තියෙන්නේ variables දෙකක් එකට concatenate එහෙමත් නැතිනම් එකට එකතු කරන්නේ කොහොමද කියන එකයි.
මේක කරන විදි දෙකක් තියෙනවා 


  • Concatenation
  • Concatenation Assignment

මන් මේ දෙකම ඔයාලට එක code එකකින් කරන්නම් මේක ඉතින් හැමෝම දන්න දෙයක් නේ ඉතාමත් සරලයි,






<!DOCTYPE html>

<html>

<body>

<?php

//Concatenation

$txt1 = "Hello";

$txt2 = " world!";

echo $txt1 . $txt2;

echo "<br>";

//Concatenation Assignment

$txt3 = "Concatenation";

$txt4 = "Assignment";

echo $txt3 .= $txt4;

?>   

</body>

</html>




Result විදියට අපිට එන්නේ,
Hello world!
Concatenation Assignment කියල.




දැන් ඉතින් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ Array Operators,
මේකේ අපිට හම්බවෙනවා operators 6ක් මේ 6ම අපි මේ වෙනකොටත් කතා කරලා ඉවරයි එක නිසා ඉතින් මට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
බලන්නකෝ එහෙනම් මේ operators ටික මොනාද කියලා,


Operator
Name
Result
 +
 Union
 Union of two variables
 ==
 Equality
 Returns both variables have the  same key/value
 ===
 Identity
 Returns both variables have the  same key/value pairs in the same  order and of the same types
 !=
 Inequality
 Returns one variable is not equal to  another variable
 <>
 Inequality
 Returns one variable is not equal to  another variable
 !==
 Non Identity
 Returns true one variable is not  identical to another variable















මේ ඔක්කොම අපි කලින් කරපුවම තමයි මම එහෙනම් ඔක්කොටම හරියන්න එක්ක example එකක් දෙන්නම් කස්ටිය එක්ක මේක කරලා බලන්නකෝ එහෙනම්,




<!DOCTYPE html>

<html>

<body>

<?php

// Union of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

print_r($x + $y); 

?>

<?php

//Equality of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

var_dump($x == $y);

?>



<?php

//Identity of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

var_dump($x === $y);

?>

<?php

//Inequality of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

var_dump($x != $y);

?>

<?php

//Inequality of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

var_dump($x <> $y);

?>

<?php

//Non-identity of $x and $y

$x = array("a" => "Car", "b" => "Van");

$y = array("c" => "Lorry", "d" => "Bus");

var_dump($x !== $y);

?>

</body>

</html>






Result විදියට අපිට එන්නේ,

Array ( [a] => Car [b] => Van [c] => Lorry [d] => Bus )


boolean false

boolean false

boolean true

boolean true 

boolean true


කොහොමද එළකිරි වගේ වැඩ නේද ?




එහෙනම් ඉතින් මෙතනින් operators පාඩම ඉවර වෙනවා ඉස්සරහට තවත් අලුත් පාඩම් ගොඩාක් තියනවා ඔයාලට කියල දෙන්න.

අපි අද මේ ඉවර කරේ අපිට ගොඩක් වැදගත් වෙන ඒ වගේම  නිතරම වගේ use කරන ඉතාමත් වැදගත් පාඩම් මාලාවක් මේ පාඩම් ටික මුල ඉදලම හොදටම කරලා පුරුදු වෙන්නේ මේ හැම එකක්ම ඉස්සරහට අපිට ඕනේ වෙනවා. එක නිසා ඔයාලා හොදට මේ ටික කරලා පුරුදුවෙන්න.

එහෙනම් ඉතින් ගොඩාක් දිග පාඩමකට පස්සේ මට යන්න වෙලාව හරි මේක ලියන්න ගොඩක් වෙලා ගියා. හික් හික් දැන් ඉතින් මග අරුණ වැඩ ටික කොහොම හරි ගොඩ දාගන්නත් එපැයි එහෙනම් ඉතින් මම කැපෙනවා....

ඔයාලට මෙ පාඩම් ගැන මොනවා හරි ප්‍රශ්න තියනව නම් අලුතෙන් මොනවා හරි තව ඇතුලත් උනොත් හොදයි කියල හිතෙනවනම් e දේවල් මට කියන්න හොදේ එතකොට තවත් හොදට ඔයාලට මේ පාඩම් කියල දෙන්න පුළුවන් නේ හික් හික් ... :D







තවත් අලුත් පොස්ටුවකුත් අරගෙන නැවතත් හමුවෙනතුරු හැමදෙනාටම ජයවේවා!!!! 


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ..........























No comments: