Friday, March 27, 2015

Lesson 11

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Comparison Operators ගැන මොනවටද මේ Comparison Operators use කරන්නේ ඇත්තටම, 
Comparison Operators use කරන්නේ values දෙකක් compare කරලා බලන්න (String එකක් හරි Number එකක් හරි)

Comparison Operators group එකේ අපිට operators 8ක් හම්බවෙනවා අපි දැන් බලමු ඒ මොනවද කියල 



 Operator
 Name
 ==
 Equal
 ===
 Identical
 !=
 Not Equal
 <> 
 Not Equal
 !==
 Not Identical
 > 
 Greater Than
 < 
 Less Than
 >=
 Greater Than Equal To
 <=
 Less Than Equal To
















මුලින් ම අපි බලමු Equal  operator එක මේක ඉතින් හැමෝම දන්නවා නේ පොඩි වෙනසකට තියෙන්නේ php වල Equal  වලට " = " sign 2ක් use කරනවා එච්චරයි හික් හික් :D

එහෙනම් කස්ටියත් එක්ක මේ example එක කරලා බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

$y = "20";

var_dump($x == $y);
 
?>   

</body>

</html>





Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේ operator එකේ Check කරන්නේ value එක equal ද කියල data type එක බලන්නේ නෑ මෙතන

ඊලගට අපිට තියෙන්නේ Identical operator එක මේ operator එකෙන් කරන්නේ data type එක match වෙනවද කියල බලන එක.

එහෙනම් කස්ටියත් එක්ක මේ example එක කරලා බලන්නකෝ,



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

$y = "20";

var_dump($x === $y);

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean False කියල ඒ කියන්නේ මේකේ data type එක වෙනස් නිසා Int එකකුයි String data එකකුයි තමයි තියෙන්නේ මෙතන එක නිසා ඒ දෙක equal වෙන්නේ නෑ.

ඊටපස්සේ අපිට තියෙන්නේ Not Equal operator එක මේ operator එකෙන් කරන්නේ values දෙක අසමානද කියල බලන එකයි.

මේක කරලම බලන්නකෝ එහෙනම්,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

$y = "20";

var_dump($x != $y);

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean False කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ value එක $y කියන variable එකේ value එකට අසමාන නෑ කියන එකයි. $x value එක 19 උනොත් එහෙම අපිට රෙසුල්ට් එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ variable values අසමනයි කියන එකයි.

Not Equal operator එක අපිට මේ විදියටත් පෙන්නන්න පුළුවන්

හැබැයි ගොඩක් ම use වෙන්නේ අපි කලින් කරපු එක තමයි ඔයාල කැමතිනම් මේක use කරන්නත් පුළුවන් 



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

$y = "20";

var_dump($x <> $y);

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean False කියල.


ඊලගට අපිට තියෙන්නේ Not Identical Operator එක මේ operator එකෙන් කරන්නේ type එක අසමානද කියල බලන එකයි.


මේක කරලම බලන්නකෝ එහෙනම්,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20; 

$y = "20";

var_dump($x !== $y); 

?>   

</body>

</html>





Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ data type එක $y කියන variable එකේ data type එකට සමාන නෑ කියන එකයි. $x variable එක String කරොත් එහෙම අපිට result එක එන්නේ Boolean false කියල ඒ කියන්නේ variable data types සමනයි කියන එකයි.


ඊලගට අපිට තියෙන්නේ Greater Than Operator එක මේ operator එකෙන් කරන්නේ variable දෙකෙන් පළවෙනි variable එක දෙවැනි variable එකට වඩා විශාල ද කියල බලන එකයි.

මේක කරලම බලන්නකෝ,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20;

$y = 10;

var_dump($x > $y);
 
?>   

</body>

</html>




Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ value එක $y කියන variable එකේ value එකට වඩා විශාලයි කියන එකයි. (ඒ කියන්නේ 20 විශාලයි 10 ට වඩා)

ඊලගට අපිට තියෙන්නේ Less Than Operator එක ඒ කියන්නේ කලින් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ variable දෙකෙන් පළවෙනි variable එක දෙවැනි variable එකට වඩා කුඩා ද කියල බලන එකයි.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 10;

$y = 20;

var_dump($x <  $y);

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ value එක $y කියන variable එකේ value එකට වඩා කුඩා යි කියන එකයි. (ඒ කියන්නේ 10 කුඩා යි 20 ට වඩා)



ඊටපස්සේ අපිට තියෙන්නේ 
Greater Than or Equal To Operator එක මේ operator එකෙන් කරන්නේ variable දෙකෙන් පළවෙනි variable එක දෙවැනි variable එකට වඩා විශාල හෝ සමානද  කියල බලන එකයි.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100;

$y = 100;

var_dump($x >= $y); 

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ value එක $y කියන variable එකේ value එකට වඩා විශාලයි හෝ සමානයි  කියන එකයි. (ඒ කියන්නේ 100 විශාලයි හෝ සමානයි  100 ට)



අන්තිමට අපිට අද කරන්න තියෙන්නේ
 Less Than or Equal To Operator එක මේ operator එකෙන් කරන්නේ variable දෙකෙන් පළවෙනි variable එක දෙවැනි variable එකට වඩා කුඩා හෝ සමානද කියල බලන එකයි.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 30;

$y = 30;

var_dump($x <= $y);

?>   

</body>

</html>




Result එක එන්නේ Boolean True කියල ඒ කියන්නේ මේකේ $x කියන variable එකේ value එක $y කියන variable එකේ value එකට වඩා කුඩා  හෝ සමානයි  කියන එකයි. (ඒ කියන්නේ 30 කුඩා හෝ සමානයි  30 ට)




මේ operators ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට developing කරනකොට එක නිසා මේ ටික හොදට practice කරන්න අපිට තව කරන්න ඉතුරු වෙලා තියනවා operators ජාති 4ක් ඒ ටික ඉක්මනින් ම මම ඔයාලට ඉදිරි පාඩම් වලදී කියල දෙනවා..

අදට එහෙනම් මට යන්න වෙලාව හරි, ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න අපි කරපු පාඩම් සම්බන්ධව....

එහෙනම් ඉතින් මම යනවෝ ටටා බායි ජයවේවා!!!!!! :D  හික් හික් 












No comments: