Wednesday, March 4, 2015

Lesson 08



ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට අලුතෙන් පොස්ටුවක් අරගෙන අවා....
මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා නිසා ටිකක් පරක්කු  උනා.. ඉතින් මම හිතනවා ඔයාල හැමෝම අපි කරපු පාඩම් ඔක්කොම කරලා දැන් කස්ටියට හොද knowledge එකක් ඇති එහෙම නේද? :D

කොහොම හරි ඉතින් තියන වැඩ ගොඩ අස්සේ පොඩි වෙලාවක් අරගෙන ඔයාල වෙනුවෙන් අද මම කරන්න හදන්නේ php වල තියන constants ගැන තමයි.

හැබැට මොනාද මේ constants කියන්නේ...? 
constants කියන්නේ Identifier එකක් හැබැයි මේකේ තියන විශේෂත්වය තමයි script එක run වෙන වෙලාවේ මේ constant එකට දීපු value එක වෙනස් කරන්න බෑ.
අනිත් වැදගත්ම දේ තමයි constant එකක් define කරට පස්සේ ඒක undefine කරන්න හරි වෙනස් කරන්න හරි බෑ. හරියට නිකම් variable එකක් වගේම තමයි.

එහෙනම් ඉතින් දැන් අපි බලමු කොහොමද constant එකක් define කරන්නේ කියල.
constant name එක පටන් ගන්න ඕනේ letter එකක් හරි undescore( _ ) එකකින් හරි තමයි constant එකට කලින් $ sign එක තියෙන්න බෑ..

constant එකක් ලියන්න අපි use කරන්නේ define() function එක 

Syntax එක මෙන්න මෙහෙමයි එහෙනම් බලාගන්නකෝ,


Syntax:
define(name, value, case-insensitive)
Parameters:

  • name: Specifies the name of the constant
  • value: Specifies the value of the constant
  • case-insensitive: Specifies whether the constant name should be case-insensitive. Default is false


එහෙනම් ඉතින් කස්ටියම එක්ක දැන් constant එකක් හදල බලමු මොකද වෙන්නේ කියල :D

මුලින්ම එහෙනම් අපි constant name එක Case-Sensitive විදියට කරලා බලමු. එහෙනම් ඉතින් කස්ටිය notepad එකක් අරගෙන මේ code කල්ල type කරලා බලන්නකෝ...





<!DOCTYPE html>

<html>

<body>

<?php

// case-sensitive constant name

define("WELCOME", "Welcome to My PHP Blog!! ");

echo WELCOME;

?> 

</body>

</html>



ඔයාලට result එක විදියට එන්න ඕනේ මෙන්න මෙහෙම


Welcome to My PHP Blog!!


කොහොමද එළකිරි වගේ වැඩ නේද :D

දැන් අපි බලමු Case-Insensitive විදියට constant name එක දාලා..



<!DOCTYPE html>

<html>

<body>

<?php

// case-insensitive constant name

define("WELCOME", "Welcome to My PHP Blog!! ", true);

echo welcome;

?> 

</body>

</html>





result එක මෙන්න මෙහෙම එන්න ඕනේ  කලින් එක වගේම තමයි



Welcome to My PHP Blog!!


වැඩේ ගොඩ නේද හික් හික් ;)




අහ්හ් තව පොඩ්ඩෙන් අමකත වෙනවා කියන්න හික් hik හික් ;)

constants හැමවෙලේම global ඒ කියන්නේ ඉතින් ෆුන්ක්තිඔන් එකකින් එළියේ define කරලා තිබ්බත් අව්ලක් න access කරන්න පුළුවන් 

මේ code කෑල්ලත් ගහලම එහෙමනම් බලන්නකෝ ;)

 



<!DOCTYPE html>

<html>

<body>

<?php

define("WELCOME", "Welcome to My PHP Blog!! ");

function testGlobal() {

     echo WELCOME;

}
 
testGlobal();

?> 

</body>

</html>




වැඩේ හරි නේද එහෙනම් මෙන්න මෙහෙම result එක එන්න ඕනේ..






Welcome to My PHP Blog!!



හික් හික් කස්ටියම එහෙනම් මේ අද කරපු constants පාඩම හොදට කරලා බලන්න මේවා ඉස්සරහට අපිට code ලියනකොට ඕනේ වෙනවා 

එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි අයෙමත් තවත් ඔයාලට ගොඩක් වැදගත් වෙන පාඩමක් අරගෙන එන්නම් 
එහෙනම් ඉතින් මම යනවෝ ......... හික් hik හික් ;)

මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්ඩෝ..........
අපි ගියෝ ............................ :) 


 









No comments: