Sunday, November 30, 2014

PHP Lesson 01

ඕන්න එහෙනම් නමෝ විත්තියෙන් පටා......න් ගන්න හදන්නේ කස්ටියට

උගන්නන්න කියලා PHP.

දැනට අපි හැමෝම දන්නවා PHP කිවුවහම වෙබ් සයිට් එකක් හදන්න 


ගියාම අපිට අනිවාර්යයෙන්ම ඕනේ කරන language එකක්. මේක

ඇවිල්ලා server-side scripting language එකක් (වැඩි විස්තර ඕනේ අය 

ඔය ලින්කුවට ගිහින් ම බලාගන්නකෝ) හික් හික් .... ;) 

අද වෙනකොට PHP කියන එක websites හැම එකක් වගේම විතරක් 

නෙමෙයි web servers හදන්නත් ගොඩාක් use කරනවා.

PHP ගත්තහම ඉතින් අපිට ඉගෙන ගන්න දේවල් නම් ඕනේ තරම්

තියනවා...

මගේ ඉතින් මේ අහිංසක ට්‍රයි එක ඔයාලට ලොකේ පුරා හෝ හෝ ගාලා

පැතිරෙන මෙන්න මේ PHP කියන Scripting language එක ඔයාලට

කියල දෙන්නයි.


හදුන්වාදීම

හැබැටම මොකක්ද මේ PHP කියන්නේ?....

PHP කියන එකේ ඇත්තම තේරුම තමයි Personal Home Page කියන

එක, ඒ උනත් දැන් මේක use කරන්නේ Hypertext Preprocessor

කියලයි. එක අතකින් මේක programming language එකකට ගොඩාක්

සමානයි ඉතින් Programming Language එකක් කියලත් කිවුවත් වරදක් 


නෑ. අපිට php වලින් විතරක්ම මේක කරන්න බෑ මේකට HTML(Hyper

Text Markup Language), CSS (Cascading Style Sheet), Java 

Script  වගේ ඒවා ගැනත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ.

        ඔයාලා බලනවා ඇති මම කවුද කියලා ඔයාලට මේවා උගන්නන්න 


නේද? එහෙම හිතුනේ නැත්තන් නේ පුදුමේ කියන්නේ හික් හික් ...... ;) 


මම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ උපාධිය 


හදාරමින් ඉන්න පොඩි කොල්ලෙක් හික් හික් ;) :) 

සැ.යු. :- පොඩි කිවුවට පොඩිත් නෑ හොදේ හික්ස් :P

ඔය මදැයි ඉතින් ඇදබාපු හරිය හික් හික් :)


         ඔයාලට මුලින් ම PHP use කරන්න කලින් ඔයාලගේ කොම්පියුටර්


එකට දාගන්න ඕනේ server එකක් එහෙම නැතුවත් පුළුවන් use කරන්න

එත් ඉත්න් මොකටද ඇදගෙන නාන්න යන්නේ නේද හික් හික්....



         ඔයාලට පුළුවන් මේකට use කරන්න WAMP Server / Xampp 

Server එක ඔය දෙකෙන් ඕනේ එකක් use කරන්න පුළුවන්(තව ඒවත් 

තියනවා හොදේ...)

මෙන්න තියනවා පහල ලින්කුව සොෆ්ට්වෙයාර් කැල්ලක් තියනවා download කරන එකයි තියෙන්නේ ඉතින් 



ඊට පස්සසේ ඉත්න් අර පොඩි කලේ ගේම් install කරනවා වගේ next 


next කරන යන්න තියෙන්නේ මහා ලොකු දෙයක් නෑ.

  • Wamp server එකේ තියනවා Windows, Apache, MySQL, PHP   
      (Windows වල use කරන්නේ මේක තමයි)


  • Xampp server එකේ තියනවා Apache + MySQL + PHP + Perl


මේ දෙකම windows වල use කරන්න පුළුවන් හොදේ.. :)


ඔන්න ඉත්න් කොහොමින් කොහොම හරි එකත් install කරගත 


කියමුකෝ (මම නම් use කරන්නේ wamp server එක)ඉතින් ඊට පස්සේ 

උඩ බලන් ඉන්නද හික් හික්..



coding කරන්නත් ඔයාලට use කරන්න tools නම් ගොඩාක් තියනවා 


  • Eclipse
  • JCreator
  • Dreamviewer
ඔය වගේ tools ගොඩක් තියනවා මම නම් කියන්නේ හොදම දේ දැනට 
Notepad++ use කරන්න කියලා. උඩ ලින්කුව තියනවා බාගන්නකෝ..
දැන් ඉත්න් ලෑස්ති වෙන්නේ හා හා පුරා කියල පලවෙනි php code එක 
ලියන්නයි එහෙනම්.


  •  එහෙනම් ඉතින් දැන් දෙයියනේ කියලා notepad++ එක open කරගන්නකෝ. 

  •  ඊළගට මෙන්න මේ code එක type කරන්නකෝ කියල දෙන්නම් අකුරෙන් අකුරට හෙමිහිට.
  •  
    <!DOCTYPE html>
    
    
     <html>
     <head>
     
     <title>PHP Test</title>
     
     </head>
     
     <body>
     
     <?php echo 'Hello Welcome To PHP Programming!'; ?>
     
     </body>
     
     </html>

  • දැන් ඉතින් කොරන්න තියෙන්නේ ඔය type කරගත්තු code file එක
save කරගන්න එක තමයි. එකට කරන්න තියෙන්නේ ඔයාලගේ C: 
drive එකේ තියනවා wamp කියල Folder එකක් එකඇතුලේ 

තියනවා www කියල folder එකක් අන්න එක ඇතුලේ හදන්න 

ඔයාලට කැමති නමකින් folder එකක් එක ඇතුලේ තමයි ඔය අපි දැන් 
ලියාගත්ත code එක save කරන්න ඕනේ. save කරනකොට 
HelloWorld.php විදියට තමයි save කරන්න ඕනේ.(දැන් බලමුකෝ 
කොහොමද ඕක කරන්නේ කියල)

  • Path: C:\wamp\www\MyPhpBlog(මෙතනට කැමති නමක් 
දාගන්න හොදේ )

  • Save file As: HelloWorld.php

  • දැන් ඉතින් වැඩෙන් බාගයක්ම ඉවරයි. දැන් ඔයාලගේ wamp server
එක click කරලා එක online දාගන්න system tray එකේ පෙන්නනවා
server එක online වැටිලා තියනවා.

















  • ඊටපස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ web browser එක open
කරලා localhost කියල type කරන්න. එතකොට මෙන්න මේවගේ page 
එකක් එන්න ඕනේ. 
 




  • දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි ලියාගත්ත code එක run කරලා
 බලන එක තමයි.
  • දැන් Address bar එකේ මෙන්න මෙහෙම type කරන්න.
       localhost/MyPhpBlog/HelloWorld.php


  • දැන් ඉතින් දෙයියනේ කියල ප්‍රින්ට් වෙලා තියෙන්න ඕනේ 

" Hello Welcome To PHP Programming! "

කොහොමද එළකිරි වගේ වැඩ නේද ;)
ඉතින් යාලුවනේ ඔයාලත් මේක try කරලා බලන්න ඔයාලටම ගොඩක්

ආස හිතෙයි.

තවත් අලුත් පොස්ටුවකුත් සමග නැවතත් හමුවෙමු.ගොහින් එන්නම් 

හොදේ....................... 

මතක ඇතුව කමෙන්ටුවකුත් දාලම යන්ඩෝ :D