Sunday, December 21, 2014

PHP Lesson 03


ඉතින් යාලුවනේ කොහොමද? ඔන්න අදත් මම ඔයාලට අලුත් පාඩමක් අරන් අවා :D හම්ම්මේ මාර වැස්ස නේද නාන්න උනා අදනම් හොදටම හික් හික් :P එපා වෙනවා සීතලේ මැරෙනවා අද නම් හේ හේ  :D
කොහොමද ඉතින් මගේ පරණ පාඩම් දෙක? හිතනවා ඔයාල එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියල.
ඉතින් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ PHP වල Variables ගැන.

එහෙනම් බලමු කොහොමද PHP වල Variables define කරන්නේ කියල.
PHP වල variables define කරනකොට rules ටිකක් තියනවා එහෙනම් ඉතින් කස්ටියත් එක්කම මේ ටික හොදට බලාගන්නකෝ,

Rules for PHP variables:

  • A variable starts with the $ sign, followed by the name of the variable
  • A variable name must start with a letter or the underscore character
  • A variable name cannot start with a number
  • A variable name can only contain alpha-numeric characters and underscores (A-z, 0-9, and _ )
  • Variable names are case-sensitive ($age and $AGE are two different variables)
මේකේ පලවෙනි එකෙන් කියන්නේ variable එකක් start කරනකොට $ sign එක භාවිතා කරන්න කියල. 
(උදා:- $apple, $y, $x, $myBlog)

දෙවැනි එකෙන් කියන්නේ variables define කරනකොට පටන් ගන්න ඕනේ letter එකකින් එහෙමත් නැත්තන් underscore එකකින් 
(උදා:-  
valid variables 
  • $myBlog
  • $cat
  • _dog
  • _account 
invalid variables
  • $@bank
  • $123apple 
 )

තුන්වෙනි එකනම් ඉතින් බබා ලන්තේ ඉන්න තොත්ත බබාලටත් තේරෙනවනේ :D

හතරවෙනි එකෙන් කියන්නේ variables define කරනකොට use කරන්න පුළුවන් "A-Z, a-z, 0-9, _" කියන ඒවා ටික විතරයි "@#&^ etc." ඔය වගේ ඒවා use කරන්න බෑ..

ඔය අන්තිම එකෙන් කියල තියෙන්නේ ඔය define කරපු variable එක case sensitive ඒ කියන්නේ $APPLE කියන එකයි $apple  කියන්නෙයි දෙකක් කියන එකයි.

අහ්හ්!! තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ මේක php වල තියන තවත් වැදගත්දෙයක් ඒ තමයි මෙන්න මේක,

PHP is a Loosely Typed Language


මොකක්ද හැබැටම මේ loosely type කියන්නේ (මේක මේ ඔයලට 


තියන එක නෙමෙයි හොදේ.......... :D )

මේ කියන්නේ php වල අපි දෙන value එකත් එක්ක automatically 


correct data type එකට convert වෙනවා.

ඔයාල JAVA , C++, C වගේ language use කරලා තියනවනම් දන්නවා 


ඇති අපි variable එක use කරන්න කලින් එක define කරලා තියෙන්න 

ඕනේ කලින් ම නැත්තම් අපිට variable එක use කරන්න දෙන්නේ නෑ. 

php වල automatically එක convert වෙනවා එක තමයි විශේෂත්වය 

php වල තියන.
 

කස්ටියට හොදට තේරෙන්න ඇති කියල හිතනවා හික් හික්
 

දැන් ඉතින් ඔය මදැයි දැන් කස්ටිය එක්කම මේ code කැල්ල ගහල බලමු.


 <!DOCTYPE html>  
 <html>  
 <body>  
 <?php  
 $txt = "Welcome to My PHP Blog!!";  
 $x = 5;  
 $y = 10.5;  
 $balance = 5000;  
 echo $txt;  
 echo "<br>";  
 echo $x;  
 echo "<br>";  
 echo $y;  
 echo "<br>";  
 echo $balance;  
 ?>  
 </body>  
 </html>   

මෙන්න මේ වගේ result එකක් එන්න ඕනේ ඔන්න

Welcome to My PHP Blog!!
5
10.5
5000


කොහොමද කිරි ටොයියා වගේ වැඩ නේද ? හික් හික් 

එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි අයෙත් තවත් අලුත් පොස්ටුවකුත් අරගෙන ඉක්මනටම එන්නම්කෝ හික් හික් :)
හැමෝටම සුබ රාත්‍රියක් වේවා!! එහෙනම් ඔන්න මම ගියා.


 අයියෝ අමකත උනා නේ :D ඔන්න මම මගේ බ්ලොග් එක බලන්න ඔයාලට තවත් අලුත් item එකක් දැම්මා.
කැමති උදවිය try කොරලම බලන්නකෝ. :D 
එහෙනම් ඔන්න මම ගියෝ............ ටටා :P හික් හික්..



අමතක නොකර කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ...... :)





No comments: