Monday, January 12, 2015

Lesson 06

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට තවත් php පාඩම් මාලාවක් අරගෙන අවා. දැන් ඉතින් හැමදේම අලුත් වෙලා වෙනස් වෙලානේ නේද හික් හික්..  බලමුකෝ ඔහොම යනකොට මොනවා වෙයිද කියල හික් හික් :P

අද අපි පටන් ගන්න යන්නේ අන්තිමට නවත්තපු තැනින් ඔයාලට මතක ඇතිනේ අපි කලින් පාඩමේ කියල දීපු ටික. අද ඉතින් බලමු එතනින් එහාට අපිට කරන්න තියන දේවල් මොනාද කියල.අද අපිට කතා කරන්න තියෙන්නේ Array කියන එක ගැන තමයි. බලමු මේ  Array එකක් කියන්නේ මොකක්ද කියල. 

Array එකකින් අපිට පුළුවන් එක variable එකක values ගොඩක් store කරන්න. හරියට නිකම් අපි එක බෑග් එකකට එක එක දේවල් ගොඩක් දානවා වගේ වැඩක් Array එකකට අපිට ඕනේ තරම් values add කරන්න පුළුවන්. එහනම් ඉතින් කස්ටියම මෙන්න මේ code එක ගහල බලන්නකෝ අතටම මේක වැඩ කරනවද කියල 


<!DOCTYPE html>

<html>

<body>

<?php

$test = array("I","Love","PHP");

var_dump($test);

?>  

</body>

</html>




එහනම් ඉතින් බලන්නකෝ මෙන්න මේක එනවා නේද කියල 

array (size=3)
  0 => string 'I' (length=1)
  1 => string 'Love' (length=4)
  2 => string 'PHP' (length=3)

කොහොමද එළකිරි වගේ වැඩ නේද ? 
ඔයාලට පුළුවන් තව variables define කරලා දාල බලන්න 
උදා:-   
  •  $Animals = array("Dog", "Cat", "Elephant", "Fish", "Camal");
  • $Cars= array("Benz", "Toyota", "BMW", "Honda", "Ford");
මේවා දල try කරලා බලන්න ඔයාල එතකොට හොදටම ථෙරෙඉ ඔයාලට :) හික් හික් ඉතා සරලයි නේද 

අපිට ඊලගට බලන්න තියෙන්නේ Object කියන data type එක ගැන 
මොකක්ද මේ object එකක් කියන්නේ එහෙනම් ඉතින් මේක කියවගන්නකෝ   

  • "An object is a data type which stores data and information on how to process that data." 

  • "In PHP, an object must be explicitly declared."
අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල මේවා ගැන ඉස්සරහට object oriented වලදී සවිස්තරාත්මකව කරනවා එතකොට හොදටම තේරෙයි මේවා :)

එහෙනම් කස්ටිය මේ code එක කොටලා බලන්නකෝ මොකද වෙන්නේ කියල





<!DOCTYPE html>

<html>

<body>

<?php

class Car 

{
    function Car() 

    {
        $this->model = "BMW X3";
    }
}

// create an object

$bmw = new Car();

// show object properties

var_dump($bmw->model) ;

echo $bmw->model;

?>

</body>

</html>





result එක මෙන්න මෙහෙම එන්න ඕනේ.

string 'BMW X3' (length=6)
BMW X3 

එනවනම් ඉතින් වැඩේ ගොඩ හික් හික්. :P

දැන් අපිට කතා කරන්න තියෙන්නේ NULL කියන එක ගැන null කියන්නේ මුකුත් න කියන එකයි 
මේ ටික බලන්නකෝ ඔයාලට හොදට තේරුම් ගන්න පුළුවන් 

  • Null is a special data type which can have only one value: NULL.
  • A variable of data type NULL is a variable that has no value assigned to it.
  • If a variable is created without a value, it is automatically assigned a value of NULL.
  • Variables can also be emptied by setting the value to NULL
එහෙනම් ඉතින් බලන්නකෝ මේ code එක run කරලා 
  

<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = "Welcome to My PHP Blog!";

echo ($x);

$x = null;

var_dump($x);

?>

</body>

</html>




මෙන්න මෙහෙම result එක එයි මේකේ 

Welcome to My PHP Blog!
null


Note:  
$x කියන variable එකට "Welcome to My PHP Blog!" කියන එක data එක pass කරට පස්සේ අපි print කරන echo එකෙන් අපිට result එක පෙන්නනවා ඊට පස්සේ අපි $x කියන variable එකට null කියල pass කරහම අපිට var_dump එකෙන් පෙන්නනවා null කියල Output එක 




අන්තිමට අපිට කතා කරන්න තියෙන්නේ Resource කියන එක ගැන ඇත්තටම මේක data type එකක් කියල  කියන්න බෑ මේකෙන් කරන්නේ පිටින් තියන දේක reference එකක් විදියට functions and resources store කරලා තියාගන්න එකයි. අපි ඉස්සරහට බලමු ඒවා ගැන

ඔය තමයි අපිට php වල ඉගෙනගන්න තියන data types ටික ඉස්සරහට බලමු අපි තව ගොඩාක් දේවල් තියනවා කියල දෙන්න මේ අපි කලින් කරපු හැම දෙයක් ම ඉස්සරහට use  වෙනවා එක නිසා මේ මුල තියන පාඩම් ටික හොදට බලාගන්න හැම කෙනෙක් ම එතකොට ඉස්සරහට තියන හැම දෙයක් ම අමාරු වෙන්නේ නෑ කලින් කරපු දේවල් ම තමයි කරන්න තියෙන්නේ  
එහෙනම් ඉතින් දැන් රෑ වෙලත් එක්ක බඩත්ගිනි හික් හික්.. අයෙමත් දවසක තවත් අලුත් පොස්ටුවකිත් අරගෙන එන්නම් ඔයාල වෙනුවෙන් ම එතකන් හැමදෙනාටම සුබම සුබ රාත්‍රියක් වේවා!! ඔන්න එහෙනම් අපි කැපුනා....... හික්ස් ;)

මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්ට හොදේ ............ 











 



No comments: