ලැබුවා වූ සෑම දෙනාටම සතුට සෞභාග්‍යය පිරි පැතූ පැතුම් ඉටුවෙන ලෙඩ දුක් වලින් තොර නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ඉතින් යාලුවනේ කොහොමද? හැම කෙනෙක්ම මේ අලුත් අවුරුද්දේ අලුත් විදියට වැඩ පටන් ගන්න ලෑස්ති වෙලා ඇති නේද එහෙනම් ඉතින් ඔන්න මම අදත් ඔයාලට මේ අලුත් අවුරුද්දේ උදේ පාන්දරම අලුත් ම අලුත් php පාඩම් මාලාවක් අරගෙන අවා. හැම දෙනාම එහෙනම් මේ අලුත් අවුරුද්දේ අද ඉදන් වැඩ පටන් ගමු.
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ php වල තියන data types ගැන අපි ගත්තොත් data types වර්ග ගොඩක් තියනවා
උදා:-
- byte
- short
- int
- long
- float
මේ විදියට එක එක programming language වලට data types තියනවා php වල අපි ගත්තොත් මේකෙත් අපිට data types ජාති ගොඩක් තියනවා...
බලන්නකෝ එහෙනම් මෙන්න මේවා තමයි අපි php වල use කරන data types ටික හොදට ඇස් දෙක ලොකු කරලා බලන්නකෝ හික් හික්...
- String
- Integer
- Float (floating point numbers - also called double)
- Boolean
- Array
- Object
- NULL
- Resource
අපි ඉස්සරහට බලමු මේ එක data type එකෙන් එක :)
මේ තියන data types එකිනෙකට වෙනස් දේවල් වලට අපි use කරනවා
බලමු අපි මොනවටද මේ data types use කරන්නේ කියල. :)
මුලින් ම අපි බලමු String කියන data type එක use කරන විදිය
කස්ටියම එහෙනම් notepad එකක් අරන් මෙන්න මේ code කෑල්ල ගහල බලන්නකෝ
<!DOCTYPE html>
<html>
<body>
<?php
$x = "Welcome To 2015.";
$y = 'Happy New Year!!';
echo $x;
echo "<br>";
echo $y;
?>
</body>
</html>
බලන්නකෝ මෙන්න මෙහෙම output එකක් එනවද කියල එහෙනම් ඉතින් වැඩේ ගොඩ
Welcome To 2015.
Happy New Year!!
ඇත්තටම මොකක්ද මේ String වලින් කරන්නේ?String කියන්නේ Charactors ගොඩක එකතුවක් ඒ කියන්නේ අපි වචනයක් ලියනවා වගේ වැඩක් තමයි අපිට පුළුවන් string use කරලා text එකක් ලියාගන්න වැදගත් ම කරනවා තමයි string එකක් ලියනකොට "double quote" හරි 'single quote' හරි ඇතුලේ තමයි ලියන්න ඕනේ.
අපි දැන් බලමු Integer කියන data type එක use කරන විදිය,
Integer use කරනකොට ඔයාල මෙන්න මේ දේවල් ටික ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. එහෙනම් ඉතින් හොදට බලාගන්නකෝ... :D
An integer is a whole number (without decimals). It is a number between -2,147,483,648 and +2,147,483,647.
Rules for integers:
- An integer must have at least one digit (0-9)
- An integer cannot contain comma or blanks
- An integer must not have a decimal point
- An integer can be either positive or negative
- Integers can be specified in three formats: decimal (10-based), hexadecimal (16-based - prefixed with 0x) or octal (8-based - prefixed with 0)
එහෙනම් ඉතින් මෙන්න මේ code කෑල්ල ගහල බලන්නකෝ
<!DOCTYPE html>
<html>
<body>
<?php
$x = 2015;
var_dump($x);
?>
</body>
</html>
මේකේ output එක විදියට ඔයාලට මෙන්න මෙහෙම එන්න ඕනේ.
int 2015
මේකේ මේ var_dump කියන්නෙත් print එකක් දෙන විදියක් ම තමයි,
var_dump වලින් අපිට පුළුවන් අපි දීපු value එක අයිති data type එක බලාගන්න ඒ වගේම අපි දීපු value එකත් බලාගන්න පුළුවන්. :)
අපි දැන් බලමු Float data type එක ගැන,
මේ code එක එහෙනම් ගහල බලන්නකෝ,
<!DOCTYPE html>
<html>
<body>
<?php
$x = 2015.01;
var_dump($x);
?>
</body>
</html>
මෙන්න මෙහෙම result එක එන්න ඕනේ
float 2015.01
float වලින් අපිට පුළුවන් ඕනෙම දශම ගානක් use කරලා අපේ වැඩ වලට භාවිතා කරන්න
ඊළගට ඉතින් අපිට තියෙන්න Boolean, මේකේ අදහස True ද එහෙමත් නැතිනම් False ද යන්යි
මේ code එක එහෙනම් ගහල බලන්නකෝ,
<!DOCTYPE html>
<html>
<body>
<?php
$x = true;
$y = false;
var_dump($x);
var_dump($y);
?>
</body>
</html>
result එක එන්න ඕනේ මෙන්න මෙහෙම
boolean true
boolean false
ඉතුරු data types ටික ඉදිරි පාඩමේදී කියල දෙන්නම් ඔයාලට :)
හික් හික් අම්මෝ දැන් නම් යන්න වෙලාව හරි වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ අයෙමත් දවසක ඔයාලට තවත් අලුත් පාඩම් මාලාවක් අරගෙන අයෙමත් එන්නම් එහෙනම් ඉතින් හැමෝටම සුභ නව වසරක් වේවා!!!
ගිහින් එන්නම් ටටා..... හික්ස් :P
මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ..... :)
No comments:
Post a Comment