Monday, December 1, 2014

PHP Lesson 02

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට?  මගේ කලින් පොස්ටුව ඔයාලට ගොඩක් උදව් වෙන්නැති කියල මම හිතනවා. ඔන්න ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් ම අලුත් පාඩමක් අදත් අරගෙන අවා.

වැඩිය කියවන්නේ නැතුව එහෙනම් අපි දැන් වැඩේට බහිමුකො හික් හික් .... ;)

මුලින් ම බලමු අපි php වල තියන keywords මොනවද කියලා. php ගත්තහම එකේ තියනවා keywords 67ක් සහ compile time constants 8ක්. (sure නෑ වගේනම් ගැනලම බලන්නකෝ :P) මෙන්න මේ පහල තියෙන්නේ ඔය සෙට් එක තමයි. හික් හික්...  දැක්කට බයවෙන්න එපා හොදේ..... ;)
අපිට මේ ඔක්කොම ටික දැනට ඕනේ වෙන්නේ නම් නෑ ඉස්සරහට යනකොට ටික ටික කියල දෙන්නම් කෝ ඔන්න දැන් ඉතින් ඇස දෙක ලොකු කරලා බලන්න මේකේ මොනාද තියෙන්නේ කියලා :D හික්ස්..


මෙන්න තවත් වැදගත් දෙයක් ඔයාලට කියන්න යන්නේ php වල keywords case sensitive නෑ ඒ කියන්නේ ඔය තියන වචන capital simple මාරු උනා කියලා අව්ලක් වෙන්නේ නෑ.
php වල case sensitive වගේම case insensitive සෙට් එකකුත් තියනවා.
ඔන්න එහෙනම් බලාගන්නකෝ මොනාද මේ කියන case sensitive, case insensitive ඒවා ටික කියලා.


Case sensitive (both user defined and PHP defined)
  • variables
  • constants
  • array keys
  • class properties
  • class constants
Case insensitive (both user defined and PHP defined)

  • functions
  • class constructors
  • class methods
  • keywords and constructs (if, else, null, foreach, echo etc.)


හම්මෝ ඇති යන්තම් ඒ ටිකත් හරි ඕන්න හික් හික් :P
බයවෙන්නෙපා ඉස්සරහට ඔය සේරම සවිස්තරාත්මකව කියල දෙන්නම්කෝ දැනට ඔහොම මතක තියාගන්නකෝ.
දැන් කස්ටිය බලනවා ඇති කොඉ වෙලාවේද code කැල්ලක් ලියන්නේ කියල නේද? හික්ස් අම්මේ තව ටිකක් ඉවසන්නකෝ ඉස්සරහට තියනවා ඕනේ තරම් code ලියන්නන :D 

කම්මැලි කම යන්නත් එක්ක එහෙනම් මේක test කරලා බලන්නකෝ.

<!DOCTYPE html>
<html>
<body>


<?php


ECHO "Welcome to the PHP Coding.!!<br>";
echo "
Welcome to the PHP Coding.!!<br>";
EcHo "
Welcome to the PHP Coding.!!<br>";

?>
 
</body>
</html>



දැන් ඉතින් දෙයියනේ කියල notepad එක අරගෙන මෙන්න මේ code එක type කරන්නකෝ කස්ටියම ඊට පස්සේ ඔයාලගේ wamp server එකේ www folder එකේ තියන ඔයාලගේ නමකින් හදාගත්තු folder එකේ save කරන්න Test.php කියලා.

මෙන්න මේ විදියට,

  • Path: C:\wamp\www\MyPhpBlog

  • Save file As: Test.php

දැන් ඉතින් code එක run කරන එක තමයි කරන්න තියෙන්නේ හික් හික් ...
 සුපුරුදු පරිදි වෙනදා වගේම ඔයාලගේ web browser එක open කරගෙන localhost/MyPhpBlog/Test.php කියලා type කරලා බලන්න මොකද වෙන්නේ කියලා :D

result එක විදියට ඔයාලට මෙන්න මෙහෙම එන්න ඕනේ


Welcome to the PHP Coding.!!
Welcome to the PHP Coding.!!
Welcome to the PHP Coding.!!


බලන්න ඔයාලගේ php code එකේ ඔයාලා එච්හෝ කියන එක එක එක විදියට යොදාගෙන තමි ලියල තියෙන්නේ ඒ උනත් ඔයාලගේ php file එක එළකිරි වගේ වැඩ කරනවා නේද? මම කලින් කිව්වා වගේ php වල keywords case insensitive එක නිසා තමයි ඔයාලට ඔය විදියට result එක පෙන්නුවේ බැරි වෙලා හරි case sensitive උනානම් එහෙම ඔයාලා code එක වැරදියට ලියලා තිබුනොත් එහෙම ඔයාලට code එක run කරන්න බෑ errors ගොඩක් තමයි එන්නේ හික් හික් JAVA එහෙම කරලා තියන උදවිය හොදට දන්නවා ඇති නේ හික් හික්... ;) 

හම්මෝ දැන්නම් ඇති වගේ අද නම් වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ හික් හික් .. එහෙනම් කස්ටියම ඔය ටික හොදට බලාගෙන ඔය code කල්ලත් run කරලා බලන්නකෝ එළකිරි වගේ වැඩ නේද කියලා.

එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා අයෙත් තවත් අලුත් පොස්ටුවකුත් අරගෙන ඉක්මනටම එන්නම්කෝ හික් හික් :)
හැමෝටම සුබ දවසක් එහෙනම් ඔන්න මම ගියා.

මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ...... :)























No comments: