Thursday, December 25, 2014

PHP Lesson 04

යාලුවනේ ඔන්න ඔයාලා හැම දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!! .
කස්ටිය කොහොමද හොදට නත්තල් සමරනවා ඇති නේද?
හික් හික් :D ඔන්න ඉතින් හා හා පුරා කියල අදත් මේ සීතල නත්තලේ ඔයාලට PHP පාඩමක් කියල දෙන්නයි හදන්නේ. අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ php වලින් කොහොමද අපි print එකක් දෙන්නේ කියලයි. මේකට අපි php වල use කරන්නේ echo සහ print කියන keywords දෙකයි. keywords මතක නැති අය මෙන්න මේකට ගිහින් ම බලාගන්නකෝ http://praneethjayawardena.blogspot.com/2014/12/blog-post.html හික් හික්..... 
අපි බලමුකෝ එහෙනම් ඉස්සල්ලම මේ echo ගැන මේක php වල use කරන keyword එකක් ඔයාලා ජවා එහෙම කරලා තියනවනම් දන්නවා ඇති නේ print කරන විදිය එකම වෙනස තමයි language එකෙන් language එකට use කරන විදිය විතරක් වෙනස් වෙනවා.  
උදා :- 
  • JAVA - System.out.println("Hello World");
  • C#- System.Console.WriteLine("Hello, World!"); 
     
මෙන්න මේ වගේ තමයි වෙන්නේ එකම දේ එත් එකකට එකක් වෙනස් scenarios තමයි use කරන්නේ
php වල අපි use කරන්නේ 

echo "Happy Holidays";

මෙන්න මේ වගේ අපිට කැමතිනම් double quotation marks ("  ") එහෙමත් නැත්තම් single quotation marks('   ') යොදාගන්න පුළුවන් 
කොයි විදිය යොදගත්තත් වරදක් නෑ.

උදාහරණයක් විදියට අපි මේක කරලා බලමු.
එහෙනම් ඉතින් දෙයියනේ කියල Notepad එක අරගෙන මෙන්න මේක type කරලා බලන්නකෝ :D

 

<!DOCTYPE html>

<html>

<body>

<?php

echo "<h1>Hi Guys....!! :D </h1>";

echo "Merry Christmas!!!!.<br>";

echo "And <br>";

echo "Happy Holidays!!!!. <br>";

echo "This ", "string ", "was ", "made ", "with multiple parameters.";

?> 

</body>

</html>





Result එක විදියට ඔයාලට මෙන්න මෙහෙම එන්න ඕනේ 

Hi Guys....!! :D

Merry Christmas!!!!.
And
Happy Holidays!!!!.
This string was made with multiple parameters.



කොහොමද එළකිරි වගේ වැඩ නේද ?

කම්මැලි කම යන්නත් එක්ක එහෙනම් මේකත් try කරලා බලන්නකෝ


<!DOCTYPE html>

<html>

<body>

<?php

$txt1 = "Learn PHP on This Christmas...!! ";

$txt2 = "http://praneethjayawardena.blogspot.com/";

$x = 12;

$y = 8;

$txt3 = $x + $y;

echo "<h1>" . $txt1 . "</h1>";

echo "<h2>" . "Learn PHP at " . $txt2 . "<h2>";

echo "<h3>". "Total Value Of x + y is : " . $txt3 . "<h3>";

?>

</body>

</html>





Result එක ඉතින් මෙන්න මෙහෙම එන්න ඕනේ.



Learn PHP on This Christmas...!!

Learn PHP at http://praneethjayawardena.blogspot.com/

Total Value Of x + y is : 20 

කොහොමද වැඩේ නියමි නේද  :D


හම්මේ ඇති යන්තම් :D හික් හික්  
අපි දැන් බලමු එහෙනම් print keyword එක use කරන හැටි 
එකෙත් ඉතින් මහා ලොකු අමුතු දෙයක් නෑ ඉතා සරලයි(දන්නෝ දනිති) හික් හික්  

echo use කරා ඔයාලට දැන් හොදට මතකයි නේ ඒ වගේම තමයි 
 
print "Hi This Is My PHP Blog";

ඔච්චර තමයි ඉතින් echo වගේම තමයි එහෙනම් කස්ටිය පට් පට් ගල මේ code කෑල්ල notepad එකක් අරන් කොටලා බලන්නකෝ


<!DOCTYPE html>

<html>

<body>

<?php

print "<h2>I Love PHP</h2>";

print "Hello This Is PHP world!<br>";

print "I'd Like to learn PHP!";

?> 

</body>

</html>


  


මෙන්න මෙහෙම Result එක එනවනම් වැඩේ ගොඩ 

I Love PHP

Hello This Is PHP world!
I'd Like to learn PHP!




ඔයාලට පුළුවන් අපි කලින් echo use කරලා කරපු example දෙකම print keyword එක use කරලා ලියල බලන්න. 
එහෙනම් ඉතින් කස්ටියම කරලා බලන්නකෝ කොහොමද කියල.
දැන්නම් බඩගිනි අප්පා හොදටම එහෙනම් ඉතින් මම යනවෝ තවත් දවසක අලුත් පාඩමක් අරගෙන එන්නම් යාලුවනේ :) එහෙනම් ඉතින් හැමෝටම සුබම සුබ නත්තලක් වේවා!!!  






මතක ඇතුව කොමෙන්ටුවකුත් දාගෙනම යන්න හොදේ ....... !! එහෙනම් මම ගියා.... :)





















No comments: