Thursday, April 2, 2015

Lesson 13


ඔන්න ඉතින් යාලුවනේ අදත් මම ඔයාලට අලුත් පාඩමක් අරගෙන අවා...  
කොහොමද ඉතින් ඔයාලට කස්ටිය අවුරුද්දට බරටම ලෑස්ති වෙනවා ඇති නේද හික් හික්....
හොදයි හොදයි කොහොම කොහොම හරි හම්බුන වෙලාවේ ඔයාලට තවත් අලුත් දෙයක් කියල දෙන්න තමයි හදන්නේ. අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ Conditional Statements ගැන මේක යටතට අපිට ගන්න පුළුවන් statements ජාති 4ක් තියනවා ඒවා තමයි මේ තියෙන්නේ,


  • if statement
  • if  else statement
  • if elseif else statement
  • switch statement


 එහෙනම් ඉතින් මුලින් ම බලමු අපි If statement එක ගැන,
if condition එකෙන් කරන්නේ  specified condition එකක් true වෙනවනම් code එක execute කරන එකයි.

Syntax එක මෙන්න මෙහෙමයි තියෙන්නේ,


if (condition) {
//code to be executed if condition is true
}



අපි බලමු උදාහරණයක් අරගෙන මේක කරන්නේ කොහොමද කියල




<!DOCTYPE html>

<html>

<body>

<?php

$a = 100;

$b = 100;

if ($a == $b) {
    
echo "This is IF Statement";
     
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ This is IF Statement 
එක එන්නේ $a කියන එක $b ට සමානද කියල අපි if statement එකේදී check කරනවා එක true නිසා අපිට output එක ලැබෙනවා.

ඊටපස්සේ අපි බලමු If Else statement එක ගැන,
මේකෙදි වෙන්නේ specified condition එකක් true වෙනවනම් code එක execute කරනවා ඒ වගේම condition එක false උනොත් එහෙම තවත් code එකක් execute කරනවා.

Syntax එක මෙන්න මෙහෙමයි තියෙන්නේ,


if (condition) {
//code to be executed if condition is true
}else{
  //code to be executed if condition is false

}

අපි බලමු උදාහරණයක් අරගෙන මේක කරන්නේ කොහොමද කියල




<!DOCTYPE html>

<html>

<body>

<?php

$a = 50;

$b = 100;

if ($a == $b) {
    
     echo "This is IF Statement";
     
}else {
    
    echo "This is Else Statement";
    
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ This is Else Statement
එක එන්නේ 50 කියන එක 100ට සමානද  කියල අපි if statement එකේදී check කරනවා එක false නිසා අපිට else statement එකේ output එක ලැබෙනවා.


හරි දැන් අපිට බලන්න තියෙන්නේ  If Else if  Else Statement එක ගැන, මේකේ වෙන්නේ multiple if else statements use කරන එක example එක කරන්න හොදට තේරෙයි ඔයාලට එතකොට :)




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100;

$y = 100;

if ($x < $y) {
    
     echo "1st IF Statement";
     
} elseif ($x ==  $y) {
    
     echo "2nd If Statement";
     
} else {
    
     echo "Else Statement";
     
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ 2nd If Statement
එක එන්නේ 100 කියන එක 100ට සමානද  කියල අපි if statement එකේදී check කරනවා එක true වෙන්නේ දෙවැනි if statement එකේදී නිසා අපිට එකේ තියන output එක ලැබෙනවා.


අන්තිමට අපිට බලන්න තියෙන්නේ switch statement එක ගැන මේකෙදි කරන්නේ code blocks එකක් හරි ඊට වැඩි ගානක් හරි execute කරන එකයි. මේකත් if else if else statement එක වගේම තමයි.





<!DOCTYPE html>

<html>

<body>

<?php

$favcar = "Ford Mustang";

switch ($favcar) {
    
   case "Audi":
         
      echo "Your favorite Car is Audi.";
         
       break;
         
   case "BMW":
         
      echo "Your favorite Car is BMW.";
         
       break;
         
   case "Ford Mustang":
         
      echo "Your favorite Car is Ford Mustang.";
         
       break;
         
   default:
         
      echo "Your favorite Car is neither Audi, BMW, or Ford Mustang.";
}

?>
  
</body>

</html>





ඔයාලට result එක විදියට එන්නේ,
 Your favorite Car is Ford Mustang.


එහෙනම් ඉතින් යාලුවනේ දැන් මට යන්න වෙලාව හරි මේ කරපු ටික හොදට බලාගන්න ඉස්සරහට ඕනේ වෙනවා අපිට..




එහෙනම් ඉතින් මම ගියෝ........
හැමෝටම සුබ රාත්‍රියක් වේවා!!!!!......


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ.......











No comments: