Tuesday, April 14, 2015

Lesson 15


ලැබුවා වූ නව වසර හැම කෙනෙක්ටම සාමය සතුට පිරි කරදර ජරමර බරබර වලින් තොර වූ පැතූ පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා!!!






ඔන්න ඉතින් අදත් මම ඔයාලට මේ අවරුදු දවසේ උදේ පාන්දරම අලුත් පාඩමක් අරගෙන අවා... 

මේ වෙලාවේ ඉතින් කරන්න වෙන වැඩකුත් නැති එකේ කස්ටිය එක්ක php පොඩ්ඩක් ඉගෙනගතොත් නරකද හික් හික්... 

අද ඉතින් මම ඔයාලට කියල දෙන්න යන්නේ php වල අපිට හම්බවෙන functions කියන ඒවා ගැන ටිකක් කතා කරන්න කියල 

මේ php functions අපිට ඕනේ විදියකට define කරගන්න පුළුවන් (ඒ කියන්නේ user define functions) එක තමයි මේකේ තියන විශේෂත්වය.
ඒ වගේම php වල 1000 කට වැඩි functions in built එනවා ඊට අමතරව තමයි අපිට ඕනේ විදියට functions define කරන්න පුළුවන්.


functions ගත්තහම අපි දැනගන්න ඕනේ දේවල් ටිකක් තියනවා මේ ටික පොඩ්ඩක් බලාගන්නකෝ එහෙනම්,


  • A function is a block of statements that can be used repeatedly in a program.
  • A function will not execute immediately when a page loads.
  • A function will be executed by a call to the function.




එහෙනම් ඉතින් දැන් අපි බලමු syntax එක කොහොමද කියලා,



         function functionName() {
                //code to be executed;
                  }



NOTE :- function name එකක් පටන් ගන්න පුළුවන් letter එකකින් එහෙමත් නැතිනම් underscore ( _ ) එකකින් තමයි.
ඒ වගේම තමයි function name එක case sensitive නෙමෙයි එක නිසා අපිට capital simple ඕනේ එකකින් ලියන්න පුළුවන්.


එහෙනම් ඉතින් අපි function එකක් ලියලම බලමුකෝ,
කස්ටියම එහෙනම් notepad එකක් අරගෙන ලෑස්තිවෙන්නකෝ මේ code එක ලියන්න.



<!DOCTYPE html>

<html>

<body>

<?php

function writeMsg() {
    
     echo "This Is Write Message Function.";
     
}

writeMsg();

?>

</body>

</html>





Result එක විදියට ඔයාලට This Is Write Message Function. කියල එනවා.මේකෙදි වෙන්නේ අපි writeMsg() function එක හදල ඉවර වෙලා function එක ඇතුලේ echo කරනවා අපේ message එක ඊට පස්සේ ඉතින් function එකේ එළියේ ඉදන් අපිට call කරන්න පුළුවන් අපි හදාගත්ත function එක. 


ඊටපස්සේ ඉතින් අපි බලමු function arguments ගැන,

function arguments උත් හරියට variables වගේම තමයි

මේකේ අමුතු දෙයක් නෑ ඉතින් function name එකට පස්සේ parentheses ඇතුලේ කැමති තරමක් arguments දෙන්න පුළුවන් කොමා ( , ) එකකින් තමයි ඒවා වෙන් කරන්නේ එචරයි ඉතින් තියෙන්නේ.

අපි බලමු එහෙනම් උදාහරණයක් කරලම එතකොට කස්ටියට හොදට තේරෙයි මේක,




<!DOCTYPE html>

<html>

<body>

<?php

function familyName($fname, $year, $place) {
    
     echo "$fname Perera. Born in $year, $place. <br>";
     
}

familyName("Amal","1995","Badulla");

familyName("Kamal","1990", "Kurunagala");

familyName("Nimal","1985", "Mathara");

?>

</body>

</html>




Result එක විදියට ඔයාලට එන්නේ,

Amal Perera. Born in 1995, Badulla.
Kamal Perera. Born in 1990, Kurunagala.
Nimal Perera. Born in 1985, Mathara.




ඊටපස්සේ අපිට බලන්න තියෙන්නේ function default argument value එක ගැන මේකේ වෙන්නේ අපි default define කරන value එක අපි call කරන function එකට value එකක් සෙට්  කරලා නැත්තම් default value එක ගන්න එකයි.


මම මේ පහල කරලා තියන උදාහරණය බලන්න එකේ setWeight() කියල නිකම් call කරලා තියන function එකට අපිට result එකේ value එක ඇවිත් තියෙන්නේ 50 කියල එක තමයි අපි default value එක විදියට සෙට් කරලා තියෙනේ එක නිසා තමයි අපිට 50 එන්නේ.




<!DOCTYPE html>

<html>

<body>

<?php

function setWeight($minweight = 50) {
    
    echo "The Weight is : $minweight KG. <br>";
    
}

setWeight(75);

setWeight(); 

setWeight(65);

setWeight(80);

?>

</body>

</html>



Result එක විදියට ඔයාලට එන්නේ,

The Weight is : 75 KG.
The Weight is : 50 KG.
The Weight is : 65 KG.
The Weight is : 80 KG. 



අන්තිමට අපිට කරන්න තියෙන්නේ  function Returning values ගැන,



<!DOCTYPE html>

<html>

<body>

<?php

function sum($x, $y) {
    
     $z = $x * $y;
     
     return $z;
     
}

echo "Sum of : 5 * 10 = " . sum(5,10) . "<br>";

echo "Sum of : 7 * 5 = " . sum(7,5) . "<br>";

echo "Sum of : 2 * 4 = " . sum(2,4);

?>

</body>

</html>




Result එක විදියට ඔයාලට එන්නේ,

Sum of : 5 * 10 = 50
Sum of : 7 * 5 = 35
Sum of : 2 * 4 = 8 


මේ ටික තමයි ඉතින් ඔයාලට functions වලදී දැනගන්න තියෙන්නේ මේ ටික ඉතින් හොදට බලාගන්න තව තව උදාහරණ ඔයාලම තනියම කරලා බලන්න තමන් තනියම කරන තරමට තමයි තේරෙන්නේ හොදට
එහෙනම් ඉතින් අද මේ අලුත් අවුරුද්දේ හොදට වැඩ කරන්න සුබ පතනවා ඔයාල හැම කෙනෙක්ටම,


මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් කලින් කරපු පාඩම් වලින් හරි අද කරපු පාඩමෙන් හරි මගෙන් අහන්න.

අහ්හ් ඔයාල java ඉගෙන ගන්න කැමති අය ඉන්වනම් ඉතින් මගේ java බ්ලොග් එකත් බලන්න යාලුවනේ 




එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි :D 

හැමෝටම කරදර බරබර වලින් තොර වුන සුබම සුබ නව වසරක් වේවා!! මම ගියෝ...


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ... :) 












No comments: