ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට අලුත් පාඩමක් අරගෙන අවා අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන පාඩමක් ඒ තමයි php වල අපිට හම්බවෙන arrays ගැන,
array එකකින් කරන්නේ එක single variable එකක multiple values store කරලා තියාගන්න එකයි. ඒ වගේම හැම array value එකකටම index එකක් තියනවා මම පොඩි උදාහරණයක් දෙන්නම් මේක කරලා බලන්න එතකොට හොදටම තේරෙයි.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$languages = array("JAVA", "PHP", "C#");
echo "I like " . $languages[0] . ", " . $languages[1] . " and " . $languages[2] . ".";
?>
</body>
</html>
මේකේ result එක විදියට ඔයාලට එන්නේ I like JAVA, PHP and C#. කියල. ඔයාලට පේනවා ඇති මේකේ හැම value එකක් ම තියෙන්නේ $languages කියන variable එකේ එතකොට ඒ හැම value එකටම index එකක් තියනවා මේ උදාහරණයේ විදියට java කියන එකට [0], php කියන එකට [1], c# කියන එකට [2] කියල තමයි index එක එන්නේ මතක තියාගන්න arrays වල index එක හැමවෙලේම පටන් ගන්නේ " 0 " වෙන් කියන එක.
අපිට php වල arrays ජාති 3ක් හම්බවෙනවා ඒවා තමයි,
- Indexed arrays - Arrays with a numeric index
- Associative arrays - Arrays with named keys
- Multidimensional arrays - Arrays containing one or more arrays
මුලින්ම අපි බලමු index arrays ගැන එහෙනම්,
අපිට index arrays හදාගන්න පුළුවන් විදි දෙකක් තියනවා ඒ තමයි,
- index එක automatically assign වෙන විදියට හදන එක
- අනිත් විදිය තමයි index එක manually assign කරන එක
මම කලින් ඔයාලට කරපු example එකේ automatically assign කරන විදිය මම කරලා තියෙන්නේ මම දැන් කියල දෙන්නම් කොහොමද manually assign කරන්නේ කියල,
<!DOCTYPE html>
<html>
<body>
<?php
$languages = array();
$languages[0] = "JAVA";
$languages[1] = "PHP";
$languages[2] = "C#";
echo "I like " . $languages[0] . ", " . $languages[1] . " and " . $languages[2] . ".";
?>
</body>
</html>
මේකේ result එක විදියට ඔයාලට එන්නේ I like JAVA, PHP and C#. කියල. ඔයාලට පේනවා ඈති අපි automatically assign කරනකොට array එක ඇතුලේ values add කර manually assign කරනකොට අපි index එක දාලා values වෙන වෙනම assign කරන්න ඕනේ
$languages[0] = "JAVA";
$languages[1] = "PHP";
$languages[2] = "C#";
ඊටපස්සේ අපි බලමු එහෙනම් index array එකක count එක ගන්නේ කොහොමද කියලා.
මේකට අපි use කරන්නේ count() function එක අපි බලමු කොහොමද එක කරන්නේ කියල.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$languages = array("JAVA", "PHP", "C#");
echo count($languages);
?>
</body>
</html>
ඔයාලට result එක විදියට එන්නේ 3 කියල එක එන්නේ අපේ array එකේ අපි දාල තියෙන්නේ values 3ක් නිසයි අපි දාන values count කරන එක තමයි මේ function එකෙන් කරන්නේ.
අපි බලමු ඊටපස්සේ කොහොමද array එකකින් loop එකක් run වෙන්නේ කියල මම මේක කරන්න use කරන්නේ for loop එකක්
ඔයාලත් එහෙනම් try කරලම බලන්නකෝ.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$languages = array("JAVA", "PHP", "C#");
$arrlength = count($languages);
for($x = 0; $x < $arrlength; $x++) {
echo $languages[$x];
echo "<br>";
}
?>
</body>
</html>
Result එක එන්නේ,
JAVA
PHP
C#
මේකේ වැඩි දෙයක් කරලා නෑ, arrlength කියල අපි variable එකක් හදල එකට count එක assign කරලා විතරයි තියෙන්නේ අනිත් ටික ඉතින් loops වල ටිකනේ
loops මතක නැති අය ඉන්වනම් කලින් පාඩම් වල අපි කර ගිහින් බලන්නකෝ
ඊලගට අපි බලමු Associative arrays ගැන,
Associative arrays වලින් කරන්නේ named keys use කරන එකයි.
මේකත් අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් මම ඒ දෙකම ඔයාලට උදාහරණයකින් කරලා පෙන්නනම්.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$born = array("Amal"=>"1990", "Kamal"=>"1995", "Nimal"=>"1989");
echo "Amal was born in " . $born['Amal'] . ".";
?>
</body>
</html>
Result එක එන්නේ Amal was born in 1990.
මේකේ වෙන්නේ අපි array එකේ value එක වගේම ඒ value එකට key එකකුත් සෙට් කරනවා මෙතන අපි Amal කියන කෙනාට(key එකට) අපි සෙට් කරලා තියන value එක තමයි 1990 කියන එක අපි echo එකේදී එක ප්‍රින්ට් කරන එක තමයි කරන්නේ.
ඒ වගේම Associative arrays හදන අනිත් විදිය තමයි මේ තියෙන්නේ,
<!DOCTYPE html>
<html>
<body>
<?php
$born = array();
$born['Amal'] = "1990";
$born['Kamal'] = "1995";
$born['Nimal'] = "1989";
echo "Kamal was born in " . $born['Kamal'] . ".";
?>
</body>
</html>
Result එක එන්නේ Kamal was born in 1995.
එහෙනම් අපි බලමු කොහොමද Associative arrays වලින් loop එකක් run කරන්නේ කියල.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$born = array("Amal"=>"1990", "Kamal"=>"1995", "Nimal"=>"1989");
foreach($born as $x => $x_value) {
echo "Key = " . $x . ", Value = " . $x_value;
echo "<br>";
}
?>
</body>
</html>
Result එක එන්නේ ,
Key = Amal, Value = 1990
Key = Kamal, Value = 1995
Key = Nimal, Value = 1989
මේකෙදි වෙන්නේ අපිට array එකේ key එකයි value එකයි මොනවද කියල ප්‍රින්ට් කරලා පෙන්නන එක තමයි.
අපි එහෙනම් දැන් බලමු Multidimensional arrays ගැන මේකෙදි කරන්නේ arrays ඇතුලේ තවත් arrays දාන එකයි. අපි බලමු කොහොමද එක කරන්නේ කියල.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$books = array
(
array("JAVA for Beginners",20,50),
array("PHP for Beginners",10,15),
array("Intermediate JAVA",5,20),
array("Python for Beginners",10,13)
);
echo $books[0][0]." : In stock : ".$books[0][1].", sold : ".$books[0][2].".<br><br>";
echo $books[1][0]." : In stock : ".$books[1][1].", sold : ".$books[1][2].".<br><br>";
echo $books[2][0]." : In stock : ".$books[2][1].", sold : ".$books[2][2].".<br><br>";
echo $books[3][0]." : In stock : ".$books[3][1].", sold : ".$books[3][2].".<br><br>";
?>
</body>
</html>
Result එක එන්නේ,
JAVA for Beginners : In stock : 20, sold : 50.
PHP for Beginners : In stock : 10, sold : 15.
Intermediate JAVA : In stock : 5, sold : 20.
Python for Beginners : In stock : 10, sold : 13.
මේකේ කරලා තියෙන්නේ එක array එකක් ඇතුලේ තවත් array එකක් දාල තියන එකයි මේකේ index එක නිකම් අපි පොඩිකාලේ ප්‍රස්ථාර අදිනකොට ගන්නේ ඛණ්ඩාංක අන්න ඒවගේ තමයි
0,0 කියන එකට එන්නේ JAVA for Beginners0,1 කියන එකට එන්නේ 20
0,2 කියන එකට එන්නේ 50
මේක එක array එකක් හරියට table එකක raw එකක් වගේ තමයි
ඊට පස්සේ තියෙන්නේ අනිත් arrays එහෙමත් නැත්තම් raws කියල හිතන්නකෝ.
1,0 කියන එකට එන්නේ PHP for Beginners
1,1 කියන එකට එන්නේ 10
1,2 කියන එකට එන්නේ 15
2,0 කියන එකට එන්නේ Intermediate JAVA
2,1 කියන එකට එන්නේ 5
2,2 කියන එකට එන්නේ 20
3,0 කියන එකට එන්නේ Python for Beginners
3,1 කියන එකට එන්නේ 10
3,2 කියන එකට එන්නේ 13
ඇත්තටම ගත්තොත් මෙන්න මේ වගේ table එකක් තමයි එන්නේ
දැන් නම් හොදටම තේරෙන්න ඇති කස්ටියට එහෙනම් මම තව පොඩි දෙයක් කියල දෙන්නම් අපි බලමු කොහොමද Multidimensional arrays loop එකකින් run කරන්නේ කියල.
<!DOCTYPE html>
<html>
<body>
<?php
$food = array
(
array("Mango","Banana","Pineapple"),
array("Papaya","Go-ya", "Carrot"),
array("Fanta","Sprite","Coca-cola"),
array("Black Coffee","Green Tea","Tea")
);
for ($row = 0; $row < 4; $row++) {
echo "<p><b>Package $row</b></p>";
echo "<ul>";
for ($col = 0; $col < 3; $col++) {
echo "<li>".$food[$row][$col]."</li>";
}
echo "</ul>";
}
?>
</body>
</html>
Result එක එන්නේ මෙන්න මෙහෙමයි,
Package 0
- Mango
- Banana
- Pineapple
- Papaya
- Go-ya
- Carrot
- Fanta
- Sprite
- Coca-cola
- Black Coffee
- Green Tea
- Tea
එහෙනම් ඉතින් දැන් මට යන්න වෙලාව හරි අයෙත් අලුත් පොස්ටුවකුත් අරගෙන එන්නම් කෝ එතකන් හැමෝටම ජය වේවා!!!
මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ.....
No comments:
Post a Comment