Wednesday, April 22, 2015

Lesson 17


 ඉතින් යාලුවනේ කොහොමද ඔන්න අදත් මම  ඔයාලට තවත් අලුත් php පාඩමක් අරගෙන අවා. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ php වලින් කොහොමද arrays sort කරන්නේ කියල. හැබැටම මොකක්ද මේ sort කරනවා කියල කියන්නේ ?
මේකෙන් කරන්නෙන් අපි ලියන array එකේ තියන values අපිට වර්ග කරලා එහෙමත් නැත්තම් යම්කිසි පිළිවෙලකට අපිට බලාගන්න පුළුවන්.

අපිට sort කරන්න ගියහම විදි කීපයක්ම හම්බවෙනවා අපි එහෙනම් බලමු ඒ මොනවද කියල


  • sort() - sort arrays in ascending order.
  • rsort() - sort arrays in descending order.
  • asort() - sort associative arrays in ascending order, according to the value.
  • ksort() - sort associative arrays in ascending order, according to the key.
  • arsort() - sort associative arrays in descending order, according to the value.
  • krsort() - sort associative arrays in descending order, according to the key.

 එහෙනම් ඉතින් වැඩ පටාන් ගමු නේද කස්ටියත් එක්ක හික් හික්.
මුලින් ම බලමු එහෙනම් අපි sort() function එක ගැන,

මේකෙදි වෙන්නේ ඉතින් අපි දාන keys ආරෝහණ පිළිවෙලට හැදෙන එකයි එක ඉලක්කම් අකුරු කියල වෙනසක් නෑ හැම එකම එකම පිළිවෙලකට හැදෙනවා අපි එහෙනම් උදාහරණයක් අරගෙනම බලමු නේද,


<!DOCTYPE html>

<html>

<body>

<?php

$cars = array (
        
        "Mustang",
        
        "Camaro",
        
        "Toyota",
        
        "Ford",
        
        "Nissan" 
);

sort ( $cars );

print_r ( $cars )?>

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට


Array ( [0] => Camaro [1] => Ford [2] => Mustang [3] => Nissan [4] => Toyota )

අපි මේ array එක sort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා කොහොමද වැඩේ එළකිරි වගේ වැඩ නේද 


ඊළගට අපිට බලන්න තියෙන්නේ rsort() function එක ගැනයි. මේකේ ඉතින් වෙන්නේ sort එකේ අනිත් පැත්ත ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට අපි add කරන keys අපිට බලාගන්න පුළුවන්.

එහෙනම් ඉතින් අපි උදාහරණයක් කරලම බලමු.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$cars = array (
        
        "Mustang",
        
        "Camaro",
        
        "Toyota",
        
        "Ford",
        
        "Nissan" 
);

rsort ( $cars );

print_r ( $cars )

?>

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට
 

Array ( [0] => Toyota [1] => Nissan [2] => Mustang [3] => Ford [4] => Camaro )


අපි මේ array එක rsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා


ඊටපස්සේ එහෙනම් බලමු asort() function එක
මේකෙදි වෙන්නේ associative arrays වල keys එක අනුව ආරෝහණ පිළිවෙලට හදන එකයි.

බලන්නකෝ එහෙනම් මේකත් කරලම,


<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994");

asort($age);

print_r($age);

?> 

</body>

</html>





මේකේ result එක එන්නේ ඔයාලට

 
Array ( [Kamal] => 1989 [Amal] => 1990 [Nimal] => 1994 ) 


අපි මේ array එක asort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා


ඊටපස්සේ එහෙනම් බලමු ksort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල ආරෝහණ පිළිවෙලට  Key එක අනුව sort වෙන එකයි.

අපි එහෙනම් එකත් කරලම බලමුකෝ.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994");

ksort($age);

print_r($age);

?> 

</body>

</html>





මේකේ result එක එන්නේ ඔයාලට
 

Array ( [Amal] => 1990 [Kamal] => 1989 [Nimal] => 1994 )

අපි මේ array එක ksort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා



ඊටපස්සේ එහෙනම් බලමු arsort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල අවරෝහණ පිළිවෙලට  value එක අනුව sort වෙන එකයි.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994", "Sunil"=>"1980");

arsort($age);

print_r($age);

?> 

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට

 
Array ( [Nimal] => 1994 [Amal] => 1990 [Kamal] => 1989 [Sunil] => 1980 )


අපි මේ array එක arsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු values ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා



ඊටපස්සේ එහෙනම් බලමු krsort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල අවරෝහණ පිළිවෙලට  key එක අනුව sort වෙන එකයි.





<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994", "Sunil"=>"1980");

krsort($age);

print_r($age);

?> 

</body>

</html>





අපි මේ array එක krsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා

එහෙනම් ඉතින් අදට පාඩම ඉවර කරන්න වෙලාව ඇවිත් තියෙන්නේ වැඩ හෙන ගොඩක් තියනවා හම්බුනා පොඩි වෙලාවේ තමයි මේ පාඩම ඔයාලට ලියුවේ එහෙනම් ඉතින් අයත් අලුත් පාඩමක් අරගෙන අයෙත් හම්බවෙන්නම් එතකම් හැමෝටම ජය වේවා !!! 














No comments: