Wednesday, April 22, 2015

Lesson 17


 ඉතින් යාලුවනේ කොහොමද ඔන්න අදත් මම  ඔයාලට තවත් අලුත් php පාඩමක් අරගෙන අවා. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ php වලින් කොහොමද arrays sort කරන්නේ කියල. හැබැටම මොකක්ද මේ sort කරනවා කියල කියන්නේ ?
මේකෙන් කරන්නෙන් අපි ලියන array එකේ තියන values අපිට වර්ග කරලා එහෙමත් නැත්තම් යම්කිසි පිළිවෙලකට අපිට බලාගන්න පුළුවන්.

අපිට sort කරන්න ගියහම විදි කීපයක්ම හම්බවෙනවා අපි එහෙනම් බලමු ඒ මොනවද කියල


  • sort() - sort arrays in ascending order.
  • rsort() - sort arrays in descending order.
  • asort() - sort associative arrays in ascending order, according to the value.
  • ksort() - sort associative arrays in ascending order, according to the key.
  • arsort() - sort associative arrays in descending order, according to the value.
  • krsort() - sort associative arrays in descending order, according to the key.

 එහෙනම් ඉතින් වැඩ පටාන් ගමු නේද කස්ටියත් එක්ක හික් හික්.
මුලින් ම බලමු එහෙනම් අපි sort() function එක ගැන,

මේකෙදි වෙන්නේ ඉතින් අපි දාන keys ආරෝහණ පිළිවෙලට හැදෙන එකයි එක ඉලක්කම් අකුරු කියල වෙනසක් නෑ හැම එකම එකම පිළිවෙලකට හැදෙනවා අපි එහෙනම් උදාහරණයක් අරගෙනම බලමු නේද,


<!DOCTYPE html>

<html>

<body>

<?php

$cars = array (
        
        "Mustang",
        
        "Camaro",
        
        "Toyota",
        
        "Ford",
        
        "Nissan" 
);

sort ( $cars );

print_r ( $cars )?>

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට


Array ( [0] => Camaro [1] => Ford [2] => Mustang [3] => Nissan [4] => Toyota )

අපි මේ array එක sort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා කොහොමද වැඩේ එළකිරි වගේ වැඩ නේද 


ඊළගට අපිට බලන්න තියෙන්නේ rsort() function එක ගැනයි. මේකේ ඉතින් වෙන්නේ sort එකේ අනිත් පැත්ත ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට අපි add කරන keys අපිට බලාගන්න පුළුවන්.

එහෙනම් ඉතින් අපි උදාහරණයක් කරලම බලමු.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$cars = array (
        
        "Mustang",
        
        "Camaro",
        
        "Toyota",
        
        "Ford",
        
        "Nissan" 
);

rsort ( $cars );

print_r ( $cars )

?>

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට
 

Array ( [0] => Toyota [1] => Nissan [2] => Mustang [3] => Ford [4] => Camaro )


අපි මේ array එක rsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා


ඊටපස්සේ එහෙනම් බලමු asort() function එක
මේකෙදි වෙන්නේ associative arrays වල keys එක අනුව ආරෝහණ පිළිවෙලට හදන එකයි.

බලන්නකෝ එහෙනම් මේකත් කරලම,


<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994");

asort($age);

print_r($age);

?> 

</body>

</html>





මේකේ result එක එන්නේ ඔයාලට

 
Array ( [Kamal] => 1989 [Amal] => 1990 [Nimal] => 1994 ) 


අපි මේ array එක asort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා


ඊටපස්සේ එහෙනම් බලමු ksort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල ආරෝහණ පිළිවෙලට  Key එක අනුව sort වෙන එකයි.

අපි එහෙනම් එකත් කරලම බලමුකෝ.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994");

ksort($age);

print_r($age);

?> 

</body>

</html>





මේකේ result එක එන්නේ ඔයාලට
 

Array ( [Amal] => 1990 [Kamal] => 1989 [Nimal] => 1994 )

අපි මේ array එක ksort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම ආරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා



ඊටපස්සේ එහෙනම් බලමු arsort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල අවරෝහණ පිළිවෙලට  value එක අනුව sort වෙන එකයි.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994", "Sunil"=>"1980");

arsort($age);

print_r($age);

?> 

</body>

</html>




මේකේ result එක එන්නේ ඔයාලට

 
Array ( [Nimal] => 1994 [Amal] => 1990 [Kamal] => 1989 [Sunil] => 1980 )


අපි මේ array එක arsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු values ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා



ඊටපස්සේ එහෙනම් බලමු krsort() function එක ගැන මේකෙදි වෙන්නේ associative arrays වල අවරෝහණ පිළිවෙලට  key එක අනුව sort වෙන එකයි.





<!DOCTYPE html>

<html>

<body>

<?php

$age = array("Amal"=>"1990", "Kamal"=>"1989", "Nimal"=>"1994", "Sunil"=>"1980");

krsort($age);

print_r($age);

?> 

</body>

</html>





අපි මේ array එක krsort() function එක දාල sort කරහම මේකේ අපි add කරපු keys ඔක්කොම අවරෝහණ පිළිවෙලට හැදිලා ඇවිත් තියනවා

එහෙනම් ඉතින් අදට පාඩම ඉවර කරන්න වෙලාව ඇවිත් තියෙන්නේ වැඩ හෙන ගොඩක් තියනවා හම්බුනා පොඩි වෙලාවේ තමයි මේ පාඩම ඔයාලට ලියුවේ එහෙනම් ඉතින් අයත් අලුත් පාඩමක් අරගෙන අයෙත් හම්බවෙන්නම් එතකම් හැමෝටම ජය වේවා !!! 














Thursday, April 16, 2015

Lesson 16


ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට අලුත් පාඩමක් අරගෙන අවා අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ ගොඩක් වැදගත් වෙන පාඩමක් ඒ තමයි php වල අපිට හම්බවෙන arrays ගැන,

array එකකින් කරන්නේ එක single variable එකක multiple values store කරලා තියාගන්න එකයි. ඒ වගේම හැම array value එකකටම index එකක් තියනවා මම පොඩි උදාහරණයක් දෙන්නම් මේක කරලා බලන්න එතකොට හොදටම තේරෙයි.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$languages = array("JAVA", "PHP", "C#"); 

echo "I like " . $languages[0] . ", " . $languages[1] . " and " . $languages[2] . ".";

?>

</body>

</html>



මේකේ result එක විදියට ඔයාලට එන්නේ I like JAVA, PHP and C#. කියල. ඔයාලට පේනවා ඇති මේකේ හැම value එකක් ම තියෙන්නේ $languages කියන variable එකේ  එතකොට ඒ හැම value එකටම index එකක් තියනවා මේ උදාහරණයේ විදියට java කියන එකට [0], php කියන එකට [1], c# කියන එකට [2] කියල තමයි index එක එන්නේ මතක තියාගන්න arrays වල index එක හැමවෙලේම පටන් ගන්නේ " 0 " වෙන් කියන එක. 
අපිට php වල arrays ජාති 3ක් හම්බවෙනවා ඒවා තමයි,


  • Indexed arrays - Arrays with a numeric index
  • Associative arrays - Arrays with named keys
  • Multidimensional arrays - Arrays containing one or more arrays



මුලින්ම අපි බලමු index arrays ගැන එහෙනම්,

අපිට index arrays හදාගන්න පුළුවන් විදි දෙකක් තියනවා ඒ තමයි,


  • index  එක automatically assign වෙන විදියට හදන එක 
  • අනිත් විදිය තමයි index  එක manually assign කරන එක 


මම කලින් ඔයාලට කරපු example එකේ automatically assign කරන විදිය මම කරලා තියෙන්නේ මම දැන් කියල දෙන්නම් කොහොමද manually assign කරන්නේ කියල,




<!DOCTYPE html>

<html>

<body>

<?php

$languages = array(); 

$languages[0] = "JAVA";

$languages[1] = "PHP";

$languages[2] = "C#";

echo "I like " . $languages[0] . ", " . $languages[1] . " and " . $languages[2] . ".";

?>

</body>

</html>




මේකේ result එක විදියට ඔයාලට එන්නේ I like JAVA, PHP and C#. කියල. ඔයාලට පේනවා ඈති අපි automatically assign කරනකොට array එක ඇතුලේ values add කර manually assign කරනකොට අපි index එක දාලා values වෙන වෙනම assign කරන්න ඕනේ 


$languages[0] = "JAVA";

$languages[1] = "PHP";

$languages[2] = "C#";


ඊටපස්සේ අපි බලමු එහෙනම්  index array එකක count එක ගන්නේ කොහොමද  කියලා.


මේකට අපි use කරන්නේ count() function එක අපි බලමු කොහොමද එක කරන්නේ කියල.



<!DOCTYPE html>

<html>

<body>

<?php

$languages = array("JAVA", "PHP", "C#"); 

echo count($languages);

?>

</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ 3 කියල එක එන්නේ අපේ array එකේ අපි දාල තියෙන්නේ values 3ක් නිසයි අපි දාන values count කරන එක තමයි මේ function එකෙන් කරන්නේ.
අපි බලමු ඊටපස්සේ කොහොමද array එකකින් loop එකක් run වෙන්නේ කියල මම මේක කරන්න use කරන්නේ for loop එකක්
ඔයාලත් එහෙනම් try කරලම බලන්නකෝ.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$languages = array("JAVA", "PHP", "C#");

$arrlength = count($languages);

for($x = 0; $x <  $arrlength; $x++) {
    
     echo $languages[$x];
     
     echo "<br>";
     
}

?>

</body>

</html>




Result එක එන්නේ,

JAVA
PHP
C#

මේකේ වැඩි දෙයක් කරලා නෑ, arrlength කියල අපි variable එකක් හදල එකට count එක assign කරලා විතරයි තියෙන්නේ අනිත් ටික ඉතින් loops වල ටිකනේ 


loops මතක නැති අය ඉන්වනම් කලින් පාඩම් වල අපි කර ගිහින් බලන්නකෝ 




ඊලගට අපි බලමු Associative arrays ගැන,

Associative arrays වලින් කරන්නේ named keys use කරන එකයි.

මේකත් අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් මම ඒ දෙකම ඔයාලට උදාහරණයකින් කරලා පෙන්නනම්.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$born = array("Amal"=>"1990", "Kamal"=>"1995", "Nimal"=>"1989");

echo "Amal was born in " . $born['Amal'] . ".";

?>

</body>

</html>




Result එක එන්නේ Amal was born in 1990. 
මේකේ වෙන්නේ අපි array එකේ value එක වගේම ඒ value එකට key එකකුත් සෙට් කරනවා  මෙතන අපි Amal කියන කෙනාට(key එකට) අපි සෙට් කරලා තියන value එක තමයි 1990 කියන එක අපි echo එකේදී එක ප්‍රින්ට් කරන එක තමයි කරන්නේ.


ඒ වගේම Associative arrays හදන අනිත් විදිය තමයි මේ තියෙන්නේ,



<!DOCTYPE html>

<html>

<body>

<?php

$born = array();

$born['Amal'] = "1990";

$born['Kamal'] = "1995";

$born['Nimal'] = "1989";

echo "Kamal was born in " . $born['Kamal'] . ".";

?>

</body>

</html>




Result එක එන්නේ Kamal was born in 1995. 


එහෙනම් අපි බලමු කොහොමද Associative arrays වලින් loop එකක් run කරන්නේ කියල.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$born = array("Amal"=>"1990", "Kamal"=>"1995", "Nimal"=>"1989");

foreach($born as $x => $x_value) {
    
     echo "Key = " . $x . ", Value = " . $x_value;
     
     echo "<br>";
     
}

?>

</body>

</html>




Result එක එන්නේ ,

Key = Amal, Value = 1990
Key = Kamal, Value = 1995
Key = Nimal, Value = 1989

මේකෙදි වෙන්නේ අපිට array එකේ key එකයි value එකයි මොනවද කියල ප්‍රින්ට් කරලා පෙන්නන එක තමයි.

අපි එහෙනම් දැන් බලමු Multidimensional arrays ගැන මේකෙදි කරන්නේ arrays ඇතුලේ තවත් arrays දාන එකයි. අපි බලමු කොහොමද එක කරන්නේ කියල.




<!DOCTYPE html>

<html>

<body>

<?php

$books = array

   (
   
   array("JAVA for Beginners",20,50),
   
   array("PHP for Beginners",10,15),
   
   array("Intermediate JAVA",5,20),
   
   array("Python for Beginners",10,13)
   
   );
   
echo $books[0][0]." : In stock : ".$books[0][1].", sold : ".$books[0][2].".<br><br>";

echo $books[1][0]." : In stock : ".$books[1][1].", sold : ".$books[1][2].".<br><br>";

echo $books[2][0]." : In stock : ".$books[2][1].", sold : ".$books[2][2].".<br><br>";

echo $books[3][0]." : In stock : ".$books[3][1].", sold : ".$books[3][2].".<br><br>";

?>

</body>

</html>



Result එක එන්නේ,

JAVA for Beginners : In stock : 20, sold : 50.

PHP for Beginners : In stock : 10, sold : 15.

Intermediate JAVA : In stock : 5, sold : 20.

Python for Beginners : In stock : 10, sold : 13.



මේකේ කරලා තියෙන්නේ එක array එකක් ඇතුලේ තවත් array එකක් දාල තියන එකයි මේකේ index  එක නිකම් අපි පොඩිකාලේ ප්‍රස්ථාර අදිනකොට ගන්නේ ඛණ්ඩාංක අන්න  ඒවගේ තමයි


0,0 කියන එකට එන්නේ JAVA for Beginners0,1 කියන එකට එන්නේ 20
0,2 කියන එකට එන්නේ 50


මේක එක array එකක් හරියට table එකක raw එකක් වගේ තමයි 
ඊට පස්සේ තියෙන්නේ අනිත් arrays එහෙමත් නැත්තම් raws කියල හිතන්නකෝ.
1,0 කියන එකට එන්නේ PHP for Beginners
1,1 කියන එකට එන්නේ 10
1,2 කියන එකට එන්නේ 15

2,0 කියන එකට එන්නේ Intermediate JAVA
2,1 කියන එකට එන්නේ 5
2,2 කියන එකට එන්නේ 20

3,0 කියන එකට එන්නේ Python for Beginners
3,1 කියන එකට එන්නේ 10
3,2 කියන එකට එන්නේ 13




ඇත්තටම  ගත්තොත් මෙන්න මේ වගේ table එකක් තමයි එන්නේ 

දැන් නම් හොදටම තේරෙන්න ඇති කස්ටියට එහෙනම් මම තව පොඩි දෙයක් කියල දෙන්නම් අපි බලමු කොහොමද Multidimensional arrays loop එකකින් run කරන්නේ කියල.





<!DOCTYPE html>

<html>

<body>

<?php

$food = array

   (
   
   array("Mango","Banana","Pineapple"),
   
   array("Papaya","Go-ya", "Carrot"),
   
   array("Fanta","Sprite","Coca-cola"),
   
   array("Black Coffee","Green Tea","Tea")
   
   );
     
for ($row = 0; $row <  4; $row++) {
    
   echo "<p><b>Package $row</b></p>";
   
   echo "<ul>";
   
   for ($col = 0; $col <  3; $col++) {
       
     echo "<li>".$food[$row][$col]."</li>";
     
   }
   
   echo "</ul>";
   
}

?>

</body>

</html>





Result එක එන්නේ මෙන්න මෙහෙමයි,

Package 0
  • Mango
  • Banana
  • Pineapple
Package 1
  • Papaya
  • Go-ya
  • Carrot
Package 2
  • Fanta
  • Sprite
  • Coca-cola
Package 3
  • Black Coffee
  • Green Tea
  • Tea


එහෙනම් ඉතින් දැන් මට යන්න වෙලාව හරි අයෙත් අලුත් පොස්ටුවකුත් අරගෙන එන්නම් කෝ එතකන් හැමෝටම ජය වේවා!!!


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ.....









Tuesday, April 14, 2015

Lesson 15


ලැබුවා වූ නව වසර හැම කෙනෙක්ටම සාමය සතුට පිරි කරදර ජරමර බරබර වලින් තොර වූ පැතූ පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා!!!






ඔන්න ඉතින් අදත් මම ඔයාලට මේ අවරුදු දවසේ උදේ පාන්දරම අලුත් පාඩමක් අරගෙන අවා... 

මේ වෙලාවේ ඉතින් කරන්න වෙන වැඩකුත් නැති එකේ කස්ටිය එක්ක php පොඩ්ඩක් ඉගෙනගතොත් නරකද හික් හික්... 

අද ඉතින් මම ඔයාලට කියල දෙන්න යන්නේ php වල අපිට හම්බවෙන functions කියන ඒවා ගැන ටිකක් කතා කරන්න කියල 

මේ php functions අපිට ඕනේ විදියකට define කරගන්න පුළුවන් (ඒ කියන්නේ user define functions) එක තමයි මේකේ තියන විශේෂත්වය.
ඒ වගේම php වල 1000 කට වැඩි functions in built එනවා ඊට අමතරව තමයි අපිට ඕනේ විදියට functions define කරන්න පුළුවන්.


functions ගත්තහම අපි දැනගන්න ඕනේ දේවල් ටිකක් තියනවා මේ ටික පොඩ්ඩක් බලාගන්නකෝ එහෙනම්,


  • A function is a block of statements that can be used repeatedly in a program.
  • A function will not execute immediately when a page loads.
  • A function will be executed by a call to the function.




එහෙනම් ඉතින් දැන් අපි බලමු syntax එක කොහොමද කියලා,



         function functionName() {
                //code to be executed;
                  }



NOTE :- function name එකක් පටන් ගන්න පුළුවන් letter එකකින් එහෙමත් නැතිනම් underscore ( _ ) එකකින් තමයි.
ඒ වගේම තමයි function name එක case sensitive නෙමෙයි එක නිසා අපිට capital simple ඕනේ එකකින් ලියන්න පුළුවන්.


එහෙනම් ඉතින් අපි function එකක් ලියලම බලමුකෝ,
කස්ටියම එහෙනම් notepad එකක් අරගෙන ලෑස්තිවෙන්නකෝ මේ code එක ලියන්න.



<!DOCTYPE html>

<html>

<body>

<?php

function writeMsg() {
    
     echo "This Is Write Message Function.";
     
}

writeMsg();

?>

</body>

</html>





Result එක විදියට ඔයාලට This Is Write Message Function. කියල එනවා.මේකෙදි වෙන්නේ අපි writeMsg() function එක හදල ඉවර වෙලා function එක ඇතුලේ echo කරනවා අපේ message එක ඊට පස්සේ ඉතින් function එකේ එළියේ ඉදන් අපිට call කරන්න පුළුවන් අපි හදාගත්ත function එක. 


ඊටපස්සේ ඉතින් අපි බලමු function arguments ගැන,

function arguments උත් හරියට variables වගේම තමයි

මේකේ අමුතු දෙයක් නෑ ඉතින් function name එකට පස්සේ parentheses ඇතුලේ කැමති තරමක් arguments දෙන්න පුළුවන් කොමා ( , ) එකකින් තමයි ඒවා වෙන් කරන්නේ එචරයි ඉතින් තියෙන්නේ.

අපි බලමු එහෙනම් උදාහරණයක් කරලම එතකොට කස්ටියට හොදට තේරෙයි මේක,




<!DOCTYPE html>

<html>

<body>

<?php

function familyName($fname, $year, $place) {
    
     echo "$fname Perera. Born in $year, $place. <br>";
     
}

familyName("Amal","1995","Badulla");

familyName("Kamal","1990", "Kurunagala");

familyName("Nimal","1985", "Mathara");

?>

</body>

</html>




Result එක විදියට ඔයාලට එන්නේ,

Amal Perera. Born in 1995, Badulla.
Kamal Perera. Born in 1990, Kurunagala.
Nimal Perera. Born in 1985, Mathara.




ඊටපස්සේ අපිට බලන්න තියෙන්නේ function default argument value එක ගැන මේකේ වෙන්නේ අපි default define කරන value එක අපි call කරන function එකට value එකක් සෙට්  කරලා නැත්තම් default value එක ගන්න එකයි.


මම මේ පහල කරලා තියන උදාහරණය බලන්න එකේ setWeight() කියල නිකම් call කරලා තියන function එකට අපිට result එකේ value එක ඇවිත් තියෙන්නේ 50 කියල එක තමයි අපි default value එක විදියට සෙට් කරලා තියෙනේ එක නිසා තමයි අපිට 50 එන්නේ.




<!DOCTYPE html>

<html>

<body>

<?php

function setWeight($minweight = 50) {
    
    echo "The Weight is : $minweight KG. <br>";
    
}

setWeight(75);

setWeight(); 

setWeight(65);

setWeight(80);

?>

</body>

</html>



Result එක විදියට ඔයාලට එන්නේ,

The Weight is : 75 KG.
The Weight is : 50 KG.
The Weight is : 65 KG.
The Weight is : 80 KG. 



අන්තිමට අපිට කරන්න තියෙන්නේ  function Returning values ගැන,



<!DOCTYPE html>

<html>

<body>

<?php

function sum($x, $y) {
    
     $z = $x * $y;
     
     return $z;
     
}

echo "Sum of : 5 * 10 = " . sum(5,10) . "<br>";

echo "Sum of : 7 * 5 = " . sum(7,5) . "<br>";

echo "Sum of : 2 * 4 = " . sum(2,4);

?>

</body>

</html>




Result එක විදියට ඔයාලට එන්නේ,

Sum of : 5 * 10 = 50
Sum of : 7 * 5 = 35
Sum of : 2 * 4 = 8 


මේ ටික තමයි ඉතින් ඔයාලට functions වලදී දැනගන්න තියෙන්නේ මේ ටික ඉතින් හොදට බලාගන්න තව තව උදාහරණ ඔයාලම තනියම කරලා බලන්න තමන් තනියම කරන තරමට තමයි තේරෙන්නේ හොදට
එහෙනම් ඉතින් අද මේ අලුත් අවුරුද්දේ හොදට වැඩ කරන්න සුබ පතනවා ඔයාල හැම කෙනෙක්ටම,


මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් කලින් කරපු පාඩම් වලින් හරි අද කරපු පාඩමෙන් හරි මගෙන් අහන්න.

අහ්හ් ඔයාල java ඉගෙන ගන්න කැමති අය ඉන්වනම් ඉතින් මගේ java බ්ලොග් එකත් බලන්න යාලුවනේ 




එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි :D 

හැමෝටම කරදර බරබර වලින් තොර වුන සුබම සුබ නව වසරක් වේවා!! මම ගියෝ...


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ... :) 












Wednesday, April 8, 2015

Lesson 14


ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට තවත් අලුත් පොස්ටුවකුත් අරගෙන අවා අද මම කියල දෙන්න යන්නේ php වල අපිට තියන loops ගැන 

php ගත්තහම අපිට loops වර්ග 4ක් හම්බවෙනවා ඒවා තමයි,

  • while
  • do while
  • for
  • for each


මුලින් ම එහෙනම් අපි බලමු while loop එක කොහොමද වැඩ කරන්නේ කියල 

මේකෙදි වෙන්නේ while loop condition එක true නම් code එක execute වෙනවා,


while loop Syntax එක බලමු අපි එහෙනම්,

while (condition is true) {
    //code to be executed;
}

එහෙනම් ඉතින් මේකත් කරලම බලන්නකෝ


<!DOCTYPE html>

<html>

<body>

<?php 

$x = 1;
  
while($x <= 10) {
    
   echo "The number is: $x <br>";
   
   $x++;
   
} 

?>   

</body>

</html>





Result එක එන්නේ,

The number is: 1
The number is: 2
The number is: 3
The number is: 4
The number is: 5
The number is: 6
The number is: 7
The number is: 8
The number is: 9
The number is: 10 


කියල මේකේ වෙන්නේ while loop condition එක true වෙනකම් x ට එකක් එකතු වෙවී ප්‍රින්ට් කරන එකයි.



ඊට පස්සේ ඉතින් තියෙන්නේ do while loop එක,

මේකෙදි වෙන්නේ code එක එක පාරක් run වෙලා තමයි condition එක true වෙනකම් run වෙන්නේ

Syntax එක එන්නේ මෙන්න මෙහෙමයි,


do {
    //code to be executed;
} while (condition is true);


 මේකත් කරලම බලන්නකෝ,



<!DOCTYPE html>

<html>

<body>

<?php 

$x = 1;

do {
     echo "The number is: $x <br>";
     
     $x++;
     
} while ($x <= 10);

?>

</body>

</html>




Result එක එන්නේ,

The number is: 1
The number is: 2
The number is: 3
The number is: 4
The number is: 5
The number is: 6
The number is: 7
The number is: 8
The number is: 9
The number is: 10 


ඊටපස්සේ එන්නේ for loop එක මේකනම් ගොඩක් ලේසි එකක් 

Syntax ,


for (init counter; test counter; increment counter) {
    //code to be executed;
}
Parameters:
  • init counter :  Initialize the loop counter value
  • test counter :  Evaluated for each loop iteration. If it evaluates to TRUE, the loop continues. If it evaluates to FALSE, the loop ends.
  • increment counter :  Increases the loop counter value



මේක කරලා බලන්නකෝ එහෙනම්,


<!DOCTYPE html>

<html>

<body>

<?php 

for ($x = 1; $x <= 10; $x++) {
    
   echo "The number is: $x <br>";
   
}

?>   

</body>

</html>




Result එක එන්නේ,

The number is: 1
The number is: 2
The number is: 3
The number is: 4
The number is: 5
The number is: 6
The number is: 7
The number is: 8
The number is: 9
The number is: 10 


අන්තිමට අපිට බලන්න තියෙන්නේ for each  loop එක ගැන 
මේloop එක වැඩ කරන්නේ arrays වලට විතරයි අපි arrays ගැන ඉස්සරහට කරනවා එක නිසා බය වෙන්නෙපා හික් හික් :D

syntax එක බලන්නකෝ එචර අමාරු නෑ ඔලුවට දාගන්න 



<!DOCTYPE html>

<html>

<body>

<?php 

$cars = array("BMW", "AUDI", "CAMARO", "MUSTANG"); 

foreach ($cars as $value) {
    
   echo "$value <br>";
   
}

?>   

</body>

</html>





Result එක එන්නේ,

BMW
AUDI
CAMARO
MUSTANG


arrays කරනකොට මේකේ වෙන දේ තේරෙයි හොදට දැන් තේරුනේ නැත්තම් වැඩිය හිතන්න යන්නෙපා හික් හික් ....



එහෙනම් ඉතින් මම යනවෝ 
අයත් අලුත් පොස්ටුවක් අරගෙන එන්නම් එහෙනම් හැමෝටම ජයවේවා!!! 

ටටා බායි හික්ස් :p











Thursday, April 2, 2015

Lesson 13


ඔන්න ඉතින් යාලුවනේ අදත් මම ඔයාලට අලුත් පාඩමක් අරගෙන අවා...  
කොහොමද ඉතින් ඔයාලට කස්ටිය අවුරුද්දට බරටම ලෑස්ති වෙනවා ඇති නේද හික් හික්....
හොදයි හොදයි කොහොම කොහොම හරි හම්බුන වෙලාවේ ඔයාලට තවත් අලුත් දෙයක් කියල දෙන්න තමයි හදන්නේ. අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ Conditional Statements ගැන මේක යටතට අපිට ගන්න පුළුවන් statements ජාති 4ක් තියනවා ඒවා තමයි මේ තියෙන්නේ,


  • if statement
  • if  else statement
  • if elseif else statement
  • switch statement


 එහෙනම් ඉතින් මුලින් ම බලමු අපි If statement එක ගැන,
if condition එකෙන් කරන්නේ  specified condition එකක් true වෙනවනම් code එක execute කරන එකයි.

Syntax එක මෙන්න මෙහෙමයි තියෙන්නේ,


if (condition) {
//code to be executed if condition is true
}



අපි බලමු උදාහරණයක් අරගෙන මේක කරන්නේ කොහොමද කියල




<!DOCTYPE html>

<html>

<body>

<?php

$a = 100;

$b = 100;

if ($a == $b) {
    
echo "This is IF Statement";
     
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ This is IF Statement 
එක එන්නේ $a කියන එක $b ට සමානද කියල අපි if statement එකේදී check කරනවා එක true නිසා අපිට output එක ලැබෙනවා.

ඊටපස්සේ අපි බලමු If Else statement එක ගැන,
මේකෙදි වෙන්නේ specified condition එකක් true වෙනවනම් code එක execute කරනවා ඒ වගේම condition එක false උනොත් එහෙම තවත් code එකක් execute කරනවා.

Syntax එක මෙන්න මෙහෙමයි තියෙන්නේ,


if (condition) {
//code to be executed if condition is true
}else{
  //code to be executed if condition is false

}

අපි බලමු උදාහරණයක් අරගෙන මේක කරන්නේ කොහොමද කියල




<!DOCTYPE html>

<html>

<body>

<?php

$a = 50;

$b = 100;

if ($a == $b) {
    
     echo "This is IF Statement";
     
}else {
    
    echo "This is Else Statement";
    
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ This is Else Statement
එක එන්නේ 50 කියන එක 100ට සමානද  කියල අපි if statement එකේදී check කරනවා එක false නිසා අපිට else statement එකේ output එක ලැබෙනවා.


හරි දැන් අපිට බලන්න තියෙන්නේ  If Else if  Else Statement එක ගැන, මේකේ වෙන්නේ multiple if else statements use කරන එක example එක කරන්න හොදට තේරෙයි ඔයාලට එතකොට :)




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 100;

$y = 100;

if ($x < $y) {
    
     echo "1st IF Statement";
     
} elseif ($x ==  $y) {
    
     echo "2nd If Statement";
     
} else {
    
     echo "Else Statement";
     
}

?>
  
</body>

</html>




ඔයාලට result එක විදියට එන්නේ 2nd If Statement
එක එන්නේ 100 කියන එක 100ට සමානද  කියල අපි if statement එකේදී check කරනවා එක true වෙන්නේ දෙවැනි if statement එකේදී නිසා අපිට එකේ තියන output එක ලැබෙනවා.


අන්තිමට අපිට බලන්න තියෙන්නේ switch statement එක ගැන මේකෙදි කරන්නේ code blocks එකක් හරි ඊට වැඩි ගානක් හරි execute කරන එකයි. මේකත් if else if else statement එක වගේම තමයි.





<!DOCTYPE html>

<html>

<body>

<?php

$favcar = "Ford Mustang";

switch ($favcar) {
    
   case "Audi":
         
      echo "Your favorite Car is Audi.";
         
       break;
         
   case "BMW":
         
      echo "Your favorite Car is BMW.";
         
       break;
         
   case "Ford Mustang":
         
      echo "Your favorite Car is Ford Mustang.";
         
       break;
         
   default:
         
      echo "Your favorite Car is neither Audi, BMW, or Ford Mustang.";
}

?>
  
</body>

</html>





ඔයාලට result එක විදියට එන්නේ,
 Your favorite Car is Ford Mustang.


එහෙනම් ඉතින් යාලුවනේ දැන් මට යන්න වෙලාව හරි මේ කරපු ටික හොදට බලාගන්න ඉස්සරහට ඕනේ වෙනවා අපිට..




එහෙනම් ඉතින් මම ගියෝ........
හැමෝටම සුබ රාත්‍රියක් වේවා!!!!!......


මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ.......