Wednesday, March 25, 2015

Lesson 10


අද අපි බලමු ඔයාලට මම කලින් දවසේ කියල දුන්න පාඩමේ ඉතුරු කොටස අද අපි කරන්න යන්නේ Assignment operators ගැන 

Assignment Operators use කරන්නේ අපි මොකක් හරි variable value ekak තවත් variable value එකකට assign කරන එකයි Assignment operators group එකෙත් අපිට හම්බවෙනවා කොටස් 6ක්  අපි දැන් බලමු මොනවද ඒ කියල,

  • x = y
  • x += y
  • x -= y
  • x *= y
  • x /= y
  • x %= y

හැබැටම මොනවද මේ ඈ ???  සමහර යට නම් මේවා අලුත් දේවල් නෙමෙයි හික් හික්... 

බලමු මම එකින් එක කියල දෙන්නම් ඔයාලට,

මුලින් ම  අපි බලමු X = Y කියන එක ,

 මේකෙන් අදහස් කරන්නේ left side එකේ තියන operand එක  ඒ කියන්නේ X කියන එකට assign වෙන්වා right side එකේ තියන operand එකේ තියන value එක

Note :- මෙතන " = " කියන්නේ සමානයි කියන එක නෙමෙයි හොදේ...

අපි example එකක් කරලා බලමු එතකොට හොදට තේරෙයි ඔයාලට 
එහෙනම් ඉතින් මේ code එක ගහල බලන්නකෝ කස්ටියත් එක්කම,


<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 10; 

echo $x;

?>   

</body>

</html>



Result එක විදියට එන්නේ 10 එක එන්නේ $x කියන variable එකට 10 කියන value එක assign වෙන නිසයි...



ඊටපස්සේ අපිට කරන්න තියෙන්නේ  x += y කියන operator එක ගැන,
මේ operator එකේ අපිට කියන්නේ Addition එහෙමත් නැත්තම් එකතු කරන එකම තමයි. මේ කියන්නේ X = X + Y කියන එක දැන් කස්ටියටම තේරෙන්න ඇති නේ  මේක කෙටි කරලා ලියන විදිය තමයි X += Y කියල කියන්නේ 
අපි බලමු උදාහරණයකින් කොහොමද මේක කරන්නේ කියල,



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 50;

$y = 100;
 
$x += $y;

echo $x;

?>   

</body>

</html>




Result එක එන්නේ 150 කියල එක වෙන්නේ $x කියන එකට assign වෙනවා $x + $y කියන එක ඒ කියන්නේ මෙහෙම
$x = $x + $y 
මේ කියන්නේ 150 = 50 + 100 කියන එකයි.


ඊලගට අපිට තියෙන්නේ x -= y කියන operator එක මේක ඉතින් x += y එකේ අනිත් පැත්ත ඒ කියන්නේ subtraction එහෙමත් නැත්තම් අඩු කිරීම :) ඉතා සරලයි :D හික් හික් ....




<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 30;

$y = 10;

$x -= $y;

echo $x;

?>   

</body>

</html>



Result එක එන්නේ 20 කියල එක වෙන්නේ $x කියන එකට assign වෙනවා $x - $y කියන එක ඒ කියන්නේ මෙහෙම
 $x = $x - $y 
මේ කියන්නේ 20 = 30 - 10 කියන එකයි.

ඊටපස්සේ අපිට තියෙන්නේ x *= y කියන operator එක මේකත් ඉතා සරල operator එකක් කරන්නේ multiplication එහෙමත් නැත්තම් ගුණ කිරීම 
උදාහරණයකින් ඔයාලට මම කියල දෙන්නම්,



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 3; 

$y = 10;

$x = $x *= $y;

echo $x;

?>   

</body>

</html>





Result එක එන්නේ 30 කියල එක වෙන්නේ $x කියන එකට assign වෙනවා $x * $y කියන එක ඒ කියන්නේ මෙහෙම 
$x = $x * $y 
මේ කියන්නේ 30 = 3 * 10 කියන එකයි.



දැන් අපිට කරන්න තියෙන්නේ x /= y  කියන operator එකයි මම එකත් ඔයාලට උදාහරණයක් අරගෙනම පෙන්නන්නම් ඉතා සරලයි මේ දේවල් ඔයාලට තනියම උනත් කරගන්න පුළුවන් 



<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20;

$y = 2;

$x = $x /= $y;

echo $x;

?>   

</body>

</html>





Result එක එන්නේ 10 කියල එක වෙන්නේ $x කියන එකට assign වෙනවා $x / $y කියන එක ඒ කියන්නේ මෙහෙම
 $x = $x / $y 
මේ කියන්නේ 10 = 20 / 2 කියන එකයි.


අන්තිමට අපිට බලන්න තියෙන්නේ x %= y කියන operator එක ගැන එකත් අනිත් ඒවා වගේම තමයි පොඩි වෙනසයි තියෙන්නේ ඔයාලට මතක ඇති කලින් පාඩමේ මම ඔයාලට කියල දුන්න modulus operator එක ගැන අන්න එක තායි මේකේ තියෙන්නේ  බලන්නකෝ මේක කොහොමද කරන්නේ කියල,

 

<!DOCTYPE html>

<html>

<body>

<?php

$x = 20;

$y = 3;

$x = $x %= $y;

echo $x;

?>   

</body>

</html>






Result එක එන්නේ 2 කියල එක වෙන්නේ $x කියන එකට assign වෙනවා $x % $y කියන එක ඒ කියන්නේ මෙහෙම
 $x = $x % $y 
මේ කියන්නේ 2 = 20 % 3 කියන එකයි.

අම්මෝ දැන්නම් අතත් රිදෙනවා කොටලා කොටලා හික් හික් එහෙනම් ඉතින් පාඩමේ ඉතුරු ටික අරගෙන අයෙත් දවසක හම්බවෙමු යාලුවනේ  

එතකන් මේ කරපු ටික හොදට බලාගන්නකෝ 

එහෙනම් ඉතින් මන් ගියෝ ........ ජයවේවා...... !!!!! 



මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ :D








No comments: