Monday, March 23, 2015

Lesson 09


ඔන්න ඉතින් යාලුවනේ අදත් මම ඔයාලට තවත් අලුත් පාඩමක් අරගෙන අවා :)  තියන වැඩ ගොඩ අස්සේ කොහොම හරි ඔයාල වෙනුවෙන් පොඩි වෙලාවක් හොයාගත්ත මේ පොස්ටුව ලියන්න හික් හික් ;) 

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ PHP වල අපි use කරන Operators මොනවද ඒවා එක්ක වැඩ කරන්නේ කොහොමද කියලයි.

මුලින් ම බලමු මේ operators අපි මොනවටද use කරන්නේ කියල.
Operators use කරන්නේ variables සහ values අතර operations කරන්න තමයි. 

එහෙමනම් අපි බලමු අපිට php වල මොනවාද තියන operators කියල,
අහ්හ් අමතක උනා නේ මේ operators group කරලා තියනව මෙන්න මේ විදියට එහෙනම් බලාගන්නකෝ


  • Arithmetic Operators
  • Assignment Operators
  • Comparison Operators
  • Increment/ Decrement Operators
  • Logical Operators
  • String Operators
  • Array Operators



අපි බලමු එහෙනම් මුලින් ම මොකක්ද මේ Arithmatic Operator එකෙන් කරන්නේ කියල...


Arithmatic Operator group එක ගත්තහම එකේ operators 6 ක් තියනවා ඒවා තමයි ,


  • Addition
  • Subtraction 
  • Multiplication
  • Division
  • Modulus
  • Exponentiation(Introduced in php 5.6)

  • මුලින් ම අපි එහෙනම් Addition (එහෙමත් නැත්තම් එකතු කිරීම) එක ගැන බලමු. මේක ඉතින් අපි හැමෝම දන්නා දේ නේ හික් හික් ;)

    මේ code කෑල්ල ගහල බලන්නකෝ එහෙනම් කස්ටියම එක්ක,


    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $a = 20; 
    
    $b = 10;
    
    echo $a + $b;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    



    Result එක විදියට 30 එන්න ඕනේ e කියන්නේ 20 + 10 = 30 කියන එක තමයි.



    දැන් අපි  එහෙනම් බලමු Subtraction (එහෙමත් නැත්තම් අඩු කිරීම) ගැන.

     මේ code කෑල්ල එහෙනම් ගහල Test කරලා බලන්නකෝ,


    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $x = 30; 
    
    $y = 10;
    
    echo $x - $y;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    



    Result එක විදියට එන්න ඕනේ 20 එක එන්නේ 30 - 10 = 20 

    ඊලගට අපිට තියෙන්නේ Multiplication (එහෙමත් නැත්තම් වැඩි කිරීම/ ගුණ කිරීම) ගැන.

    මේ code කෑල්ල එහෙනම් ගහල Test කරලා බලන්නකෝ,


    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $x = 20; 
    
    $y = 5;
    
    echo $x * $y;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    


    Result එක විදියට ඔයාලට එන්න ඕනේ 100 එක එන්නේ 20 * 5 = 100 



    ඊලගට අපිට තියෙන්නේ Division (එහෙමත් නැත්තම් බෙදීම) ගැන.

    මේ code කෑල්ල එහෙනම් ගහල Test කරලා බලන්නකෝ,



    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $x = 50; 
    
    $y = 6;
    
    echo $x / $y;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    


    Result එක විදියට එන්න ඕනේ 8.3333333333333   එක එන්නේ 
    50 / 6 = 8.3333333333333


    ඊලගට අපිට බලන්න තියෙන්නේ modulus Operator එක ගැන අපි කලින් කතාකරපු operators නම් ගොඩක් අය දන්නවා නේ mathematics වලත් use වෙනවනේ මේ modulus එකෙන් කරන්නේ remainder එකේ value එක ගන්න එක ඉතා සරල දෙයක් අපි බලමු කොහොමද එක කරන්නේ කියලා මේ code එක රුන් කරලා බලන්නකෝ කස්ටියම එහෙනම් :)


    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $x = 10; 
    
    $y = 3;
    
    echo $x % $y;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    


    Result එක විදියට එන්න ඕනේ 1 එක එන්නේ 10 % 3 ඒ කියන්නේ  
    10 /  3 ඉතුරු වෙන 1 එහෙමත් නැත්තම් remainder එක තමයි අපි ගන්නේ Answer එක විදියට 
    තව උදාහරණයක් ගත්තොත් 10 % 6 = ? 

    මේක හොයන්නේ 10 / 6 = 1 ඉතුරු වෙනවා 4 ක් 

    ANSWER එක තමයි 10 % 6 = 4 
    දැන්නම් හොදටම තේරෙන්න ඇති කස්ටියට :D


    අන්තිමට අපිට බලන්න තියෙන්නේ Exponentiation Operator එක 
    මේ operator එක php 5.6 වලට අලුතෙන් ඇතුලත් කරපු එකක් එක නිසා මේක කරන්න php 5.6 තියෙන්න ඕනේ ඔයාල install කරලා 
    මේකෙන් කරන්නේ power එක බලන එක තමයි 
    අපි උදාහරණයක් අරගෙනම බලමු මේ code එක ගහල රුන් කරලා බලන්නකෝ එහෙනම් කස්ටියම.

    NOTE :- මේක වැඩ කරන්නේ php 5.6 වල විතරයි නැතම් ඔයාලට " Parse error: syntax error, unexpected '*' "කියල error එකක් එනව පරණ Version වල කරන්න ගියාම.



    
    <!DOCTYPE html>
    
    <html>
    
    <body>
    
    <?php
    
    $x = 2; 
    
    $y = 8;
    
    echo $x ** $y;
    
    ?>   
    
    </body>
    
    </html>
    
    
    

    මේකේ Result එක විදියට ඔයාලට එන්නේ 256 අපි බලමු කොහොමද එක එන්නේ කියල 

    256 එන්නේ 2 බලයක් විදියට ඒ කියන්නේ 28 බලය තමයි 256 
    2 * 2 * 2 * 2 * 2 * 2 * 2 * 2 = 256

    තවත් උදාහරණයක් ගත්තොත් 
    4 ** 5 = ?

    මේකේ answer එක එන්නේ 

    4 * 4 * 4 * 4 * 4 = 45 = 1024

    දැන් නම් හොදටම තේරෙන්න ඇති කස්ටියටම හික් හික් ;) 

    එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි ගොඩක් රෑ වෙලා හික් හික්  නිදිමතකුත් එනවා ඉස්සරහට කරන පාඩම් වලදී මම ඔයලට අනිත් Operators ටික කියල දෙන්නම්...


    ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියන්වනම් මගෙන් අහන්න කරපු lessons වල :) එහෙනම් ඉතින් දැන් යන්න වෙලාව හරි :) 

    එහෙනම් ඉතින් හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා !!!!

    මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ හික් හික් :D















    No comments: