Thursday, May 21, 2015

Lesson 19


ඉතින් යාලුවනේ කොහොමද ඔන්න අදත් මම ඔයාලට තවත් අලුත් php පාඩමක් අරගෙන අවා. අද මම ඔයාලට කියල දෙන්නේ php වලින් කොහොමද form එකක් handle කරන්නේ කියලයි. මේවා තමයි අපිට ඇත්තටම development වලදී ඕනේ වෙන්නේ. අපි මුලින් ම සරල දෙයින්ම පටන්ගමු.

අද මම කියල දෙන්න යන්නේ GET  සහ POST කියන method දෙක use කරලා කොහොමද form එකක තියන data view කරන්නේ කියල.


මේකට අපිට ඕනේ වෙන්ව php files දෙකක් එකක් තමයි form.php කියන file එක අනිත් එක තමයි Welcome.php කියන file එක මුලින් මේ මේ file දෙක හදාගෙන ඉවර වෙලා form.php කියන file එකේ අපේ form එක හදාගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද එක කරන්නේ කියල.

අපි මේ කරන එක කරන්නේ POST කියන method එක use කරලයි.



<!DOCTYPE HTML>

<html>

<body>

    <form action="welcome.php" method="post">

        Name: <input type="text" name="name"><br> 
        
        E-mail: <input type="text" name="email"><br> 
        
        <input type="submit">

    </form>

</body>

</html>





මේකෙදි අපි form එකේ action එකට දීලා තියෙන්නේ අපි හදන අනිත් php file එකයි. ඒ වගේම method එක POST කියලත් දීල තියනවා. ඉතුරු ටික ඉතින් form එකේ body එක අපි name එකට textbox එකකුයි Email එකට එකට textbox එකකුයි ඒවගේම submit button එකකුත් දාල තියනවා.

  දැන් අපි බලමු අපේ Welcome.php file එකේ මොනවද තියෙන්නේ කියල.




<html>

<body>

Welcome <?php echo $_POST["name"]; ?><br>

Your email address is: <?php echo $_POST["email"]; ?>

</body>

</html>



මේකෙදි කරලා තියෙන්නේ අපි කලින් හදපු Form.php එකේ තියන name එකයි email එකයි display කරන්න හදල තියන file එකයි.


අපි name එකයි email එකයි type කරලා submit කරහම අපිට එක view කරනවා අපි මේ හදපු welcome.php file එකෙන් එක තමයි වෙන්නේ බලන්නකෝ එහෙනම් ඔයාල form.php එක run කරහම මෙන්න මේ වගේ එකක් එන්න ඕනේ එකේ ඔයාලගේ name එකයි email එකයි type කරලා submit කරහම අපිට result එක පෙන්නන්න ඕනේ මෙන්න මේ වගේ.





ඔයාල මේක submit කරහම එන්න ඕනේ මෙන්න මෙහෙම,


Welcome PHP
Your email address is: Test@Example.com


අපි දැන් එහෙනම් බලමු මේක GET method එක use කරලා.



Form_Get.php


<!DOCTYPE HTML>

<html>

<body>

    <form action="welcome_Get.php" method="get">
    
        Name: <input type="text" name="name"><br> 
        
        E-mail: <input type="text" name="email"><br> 
        
        <input type="submit">
            
    </form>

</body>

</html>





Welcome_Get.php



<html>

<body>

Welcome <?php echo $_GET["name"]; ?><br>

Your email address is: <?php echo $_GET["email"]; ?>

</body>

</html>





මේකේ Form_Get.php  එක run කරහම ඔයාලට එන form එකේ data enter කරලා submit කරලා බලන්න මෙන්න මෙහෙම එයි.


 



ඔයාල මේක submit කරහම එන්න ඕනේ මෙන්න මෙහෙම,

Welcome PHP
Your email address is: Test@Example.com



ඒවගේම බලන්න ඔයාලගේ address bar එක ඔයාලට GET method එකේදී ඔයාල pass කරන ඔක්කොම දේවල් පෙන්නනවා. මෙන්න මේ වගේ,
 




එක නිසා form handle කරනකොට security වලින් හොද පොස්ට් method එක use කරන එකයි ගෙට් method එකේදී හැමෝටම පෙන්නනවා එතකොට hack කරන්න ලේසියි එක නිසයි අපි හැම වෙලාවේම පොස්ට් method එක use කරන්නේ.

එහෙනම් ඉතින් යාලුවනේ අදට මම මෙතනින් නතර කරනවා වැඩ ගොඩාක් සෙට් වෙලා තියෙන්නේ අයත් වෙලාවක් හම්බුනා ගමන් ඔයාලට තවත් අලුත් දෙයක් අරගෙන එන්නම් එහෙනම් මම ගියා

මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න යාලුවනේ.....

 


No comments: